මීගමුව මුහුද කළඹමින් අනතුරට පත් යාත්‍රාවල සිටි එක් අයෙක්ගේ මළ සිරුරක් ගොඩගසයි - අතුරුදන් වූ යාත්‍රා සෙවීමට හෙලිකොප්ටර් යානයක් [UPDATE]

Report

මීගමුව මුහුදේදී අනතුරට ලක් වූ ධීවර යාත්‍රාවේ සිටි එක් ධීවරයෙකුගේ සිරුරක් සොයාගත් බව නාවික හමුදාව සඳහන් කරන බව වාර්තා වේ.

එසේම අතුරුදන් වූ බවට පැවසෙන තවත් ධීවර යාත්‍රා 3ක් සොයා මෙහෙයුම් සිදුකරන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන බව සඳහන්.

මීගමුව ආසන්න මුහුදු ප්‍රදේශයේදී ධීවර යාත්‍රා කිහිපයක් අනතුරට ලක්වීම හේතුවෙන් එහි සිටි ධීවරයින් මුදාගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ගුවන් හමුදාව එක්ව ඒකාබද්ධ මෙහෙයුමක් ආරම්භ කර ඇත.

මෙම අනතුරට පත් ධීවරයින් සෙවීමේ කටයුතුවලට ගුවන් හමුදාවට අයත් බෙල් 412 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් ද යොදවා තිබෙනවා.

මීගමුව මුහුදේ ධීවර යාත්‍රාවක් අනතුරට - ගුවන් හා නාවික හමුදා එක්ව මුදාගැනීමේ මෙහෙයුමක

මීගමුව මුහුදේ ධීවර යාත්‍රාවක් අනතුරට - ගුවන් හා නාවික හමුදා එක්ව මුදාගැනීමේ මෙහෙයුමක

ඊයේ (31) දින පස්වරුවේ ධීවර කටයුතු වෙනුවෙන් පිටත්ව ගිය ඩිංගි යාත්‍රාවක් මෙසේ අනතුරට පත්ව ඇති බව මුලින්ම හෙළි වී ඇත්තේ වෙනත් ධීවර යාත්‍රාවක් මඟින් කරන ලද දැනුම්දීමකට අනුව බව වාර්තා වේ.

ඒ අනුව සිදුකළ සෝදිසි මෙහෙයුමක දී ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය තවත් ධීවර යාත්‍රා 3ක් අතුරුදන්ව ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

එමෙන්ම මේ වන විට අනතුරට ලක්වූ එක් යාත්‍රාවක සිටි ධීවරයෙකුගේ මළ සිරුරක් මීගමුව වෙරළ තීරයට ගොඩගසා ඇති අතර, එම යාත්‍රාවේම ගමන් කළ තවත් ධීවරයින් දෙදෙනෙකු අතුරුදන්ව ඇති බවත් සඳහන්.

එමෙන්ම අතුරුදන් වූ ධීවරයින් සහ යාත්‍රා සෙවීමට නාවික හමුදාව සතු ඩෝරා යාත්‍රාවක් හා විශේෂ කිමිදුම්කරුවන් කණ්ඩායමක් ද යොදවා ඇති අතර, ගුවන් හා නාවික අංශ එක්ව මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරයි.

රට දෙකට බෙදෙයි - එල් නිනෝ උණුසුම මැද පැත්තක් රත් වෙද්දි තවත් පැත්තකට මහ වැසි

රට දෙකට බෙදෙයි - එල් නිනෝ උණුසුම මැද පැත්තක් රත් වෙද්දි තවත් පැත්තකට මහ වැසි

එදා වගේම ලංකාවට එල්නිනෝ වෙසින් එන්න යන සුනාමිය.. මුහුදේ ඇති විය හැකි වැඩි පීඩන තත්ත්වයෙන් නත්තල් කාලෙට රතු එළි රැසක්

එදා වගේම ලංකාවට එල්නිනෝ වෙසින් එන්න යන සුනාමිය.. මුහුදේ ඇති විය හැකි වැඩි පීඩන තත්ත්වයෙන් නත්තල් කාලෙට රතු එළි රැසක්

එකම තැනක රස දහසක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැනකෙළියට එන්න

එකම තැනක රස දහසක් විඳගන්න ඔබත් Reecha Food Festival මහා ආහාර සැනකෙළියට එන්න