තවත් සති කිහිපයකින් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් රට බංකොලොත්, මෙන්න රටට වෙන දේ...

Gagana news Former Auditor General Gamini Wijesinghe Free Square
By Subodha Apr 10, 2022 11:16 AM GMT
Subodha

Subodha

Report

තවත් සති කිහිපයකින් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් රට බංකොලොත් බවට ප්‍රකාශයට පත්කිරීමට සිදු වෙනු ඇති බව හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා පවසනවා.

වත්මන් රජය බලයෙන් පහ කිරීම අනිවාර්යය කරුණක් බවත්, අනිවාර්යෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කර ගත යුතු බවත් හිටපු විගණකාධිපතිවරයා සඳහන් කර සිටියා.

නිදහස් චතුරස්‍රයේ පැවති විරෝධතාවකින් අනතුරුව හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදියි මෙම අදහස් පල කෙරුණේ.

“පසුගිය අවුරුදු ගාණ තිස්සේම මම ප්‍රකාශ කළා රට බංකොලොත් වෙන්න ආසන්නයි ඒ නිසා ඩොලර් පරිහරණය ඉතාමත් පරිස්සමෙන් කරන්න කියලා.

නමුත් කනකට ගන්නේ නැතිව වියදම් කරලා කරලා අද විනාශ මුඛයට පරිවර්තනය වෙලා තියෙන්නේ.

තව සුමාන තුන හතරකින්, මාස දෙක තුනකින් රට බංකොලොත් රටක් කියලා කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ප්‍රකාශ කරන්න සිද්ධවෙනවා.

හෙට කවුරු ආවත් මේ තත්ත්වයට පත්වෙනවා.

අනිවාර්යයෙන්ම පාලකයන්ට හොරකම් කරන්න කියලා තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තියෙන එකම රට ලංකාව.

මෙතන තමයි මේ ගැටලුව තියෙන්නේ.

තව කවුරුහරි අරගත්තා කියලා මේ ප්‍රශ්නය ඇති වෙන්නේ නෑ.

ඒ නිසා මේ ඉන්න රැළගෙන්ම මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනිවාර්යයෙන්ම කර ගැනීම අත්‍යාවශ්‍යයි.

මොවුන් ගෙදර යැවීම අත්‍යාවශ්‍ය කාරණයක් වුණත් අපිට ලොකු වගකීමක් තියෙනවා අනිවාර්යෙන්ම මොවුන් ලව්වා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කර ගන්න වැඩ ටික කරවා ගන්න.”

යනුවෙන් ඔහු පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
join now