ඉහළ වැටුපකට රජයේ රැකියාවකට යන්න ඉන්න ඔයාට සුබ ආරංචියක්
රාජ්‍ය අංශයේ විගණන කටයුතු වඩාත් විධිමත් කිරීම සඳහා විගණකාධිපති දෙපාර්තමේන්තුවේ පවතින උසස් නිලධාරී පුරප්පාඩු 250 ක් වෙනුවෙන් කඩිනමින් නව නිලධාරීන් බඳවා ගැනීමට විශේෂ තීරණයක් ගෙන ඇත.
විගණකාධිපති දෙපාර්තමේන්තුව නිල වශයෙන් ප්‍රකාශ කළේ ඒ සඳහා අවශ්‍ය වන විශේෂ ව්‍යවස්ථාපිත අනුමැතිය ජාතික විගණන කොමිෂන් සභාව මඟින් මේ වන විටත් සම්පූර්ණයෙන්ම ලබා දී ඇති බවයි.
එමෙන්ම දෙපාර්තමේන්තුවේ සමස්ත කාර්යක්ෂමතාව සහ ගුණාත්මකභාවය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් නව විශේෂිත විගණන ඒකක 7 ක් ද අලුතින්ම ස්ථාපිත කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.
රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලීන්, විශේෂ පරීක්ෂණ වාර්තා සැකසීම, පරිසර විගණන කටයුතු මෙන්ම ආයතනික කාර්ය සාධන විගණන ඇතුළු සුවිශේෂී විගණන ක්ෂේත්‍ර රැසක් මෙම නව ඒකක වෙත සෘජුවම ඇතුළත් වන බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළේය.