ඇෆ්ගනිස්තානයෙන් පකිස්තානයට ප්‍රහාරයක්...පාකිස්තානය දැඩි කනස්සල්ලෙන්.

World Pakisthan Afgansthan Alkaida
By Aruna Sep 05, 2021 06:47 AM GMT
Aruna

Aruna

Report

ඇෆ්ගනිස්තානයේ සිට දේශසීමාව හරහා සිදුවූ වෙඩි තැබීමකින් පකිස්තාන හමුදා සාමාජිකයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ,ඇෆ්ගනිස්තාන දේශසීමාවේ බජාර් සහ බමාන් යන ප්‍රදේශවල පිහිටුවා තිබූ පකිස්තාන හමුදා මුරපල දෙකක් ඉලක්ක කරගෙන මෙළෙස ප්‍රහාර එල්ල වී ඇති බවයි.

ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක ත්‍රස්තවාදී කල්ලියක් මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇති බව සැකකෙරෙනවා.

ප්‍රතිප්‍රහාරවලදී ත්‍රස්තවාදී සාමාජිකයන් පිරිසක්ද මියගොස් ඇති බව ප්‍රකාශ වී ඇතත්, ඒ කුමන අන්තවාදී ත්‍රස්තවාදී කල්ලියකට අයත්වූවන්දැයි මෙතෙක් හෙළිවී නැහැ.

තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ පාලන බලය අල්ලා ගැනීමේ මෙහෙයුම සදහා පකිස්තානය සිය සහය පළකරනු ලැබුවා.

තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්තානයේ බලය තහවුරැ කරගෙන ඇති පසුබිමක ,එම භුමියේ සිට තම හමුදාවට ත්‍රස්ත ප්‍රහාර එල්ලවීම පකිස්තානයේ දැඩි කණස්සල්ලට හේතුවී ඇතැයි සදහන්.

මෙි වනවිට දේශසීමාවේ ගැටුමක් නැතත්,ඉදිරියේදී ඇෆ්ගනිස්තාන භුමිය මෙවැනි ක්‍රියා සදහා යොදා ගැනීමට ඉඩ නොදිය යුතු බවයි පකිස්තාන ආරක්ෂක හමුදාව තලේබාන් පාලනය වෙත අවධාරණය කර ඇත්තේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now