EXCLUSIVE: පරිස්සමෙන්.. ඔබටත් කුඩා දරුවන් සිටීද..? එසේනම් අනිවාර්යෙන්ම කියවන්න..
අද දින අටලුගම ප්‍රදේශයේ දැරියක් මිය ගිය පුවතක් අප ඔබට වාර්ථා කලා. මේ පිළිබඳව බොහෝ දෙනා සමාජ මාධ්‍ය වල අදහස් දක්වා තිබුණා..
කුඩා දරුවන් පවා නොහඳුනන මානසික ව්‍යාධීන් සහිත පුද්ගලයන් ඕනෑම සමාජයක සිටීමට හැක. විවිධ සංස්කෘතික සමාජයන්ට ආවේණිකව එය අඩු වැඩි විය ද හැක
. නමුත් ආදරණීය දෙමව්පියනි,
සේයාවත් , ආයිශාවත් එලෙස මරණයට බිලිවූයේ තම දෙමවුපියන්ගේ ආරක්ෂාව නොමදව ලැබුණු මොහොතකද..? අවුරුදු 5ට අඩු දරුවකු තනියම කාමරයක නිදා සිටීමටත් අද මියගිය දැරිය තනිවම කඩේට යෑමත් කොයි තරම් අවදානම්ද?
මෙය ඔවුන්ගේ දෙමව්පියන්ට දොස් නැගීමක් නොවේ. දරුවෙකුට අනතුරක් වන්නට අඩි 200 ක් නොව නිවසේ කාමරයක වුවද ඉඩ ඇති බව ඉහත සිදුවීම් දෙක සාක්ෂි දරනවා. සමාජය කෲර බව සැබෑවක්. එහෙත් අද එක් දැරියකට සිදු වූ දේ කොතරම් කතා කළ ද තවත් ඉදිරියේදී තවත් දැරියකට එය වීමට ඉඩ තැබීම සමාජයේ වරද්ද.?
අපිට සමාජය ද වෙනස් කළ හැක. ඒ එවැනි පුද්ගලයන් නොවේ. කුඩා කල ඔබේ දරුවා සංවේදී වීමට , කරුණාව දැක්වීමට හුරු කරන්න. එවිට මෙවැනි සමාජයන් ඉදිරියේදී හෝ නිර්මාණය නොවනු ඇත.
නමුත් දරුවන්, තනි නොකරන තාක් මෙවැනි දේවල් සිදු නොවිය හැකි බව කිසිවකුට තහවුරු කළ නොහැක. එබැවින් සෑම විට සෑම දරුවෙකුගෙම ආරක්ෂාව සීයට සීයක් තහවුරු කිරීමට වගබලා ගන්න.
එවිට ඔබගේ මල් කැකුළ මිලින වීමට පෙර ආරක්ෂා කර ගත හැක.
අටලුගම දැරියගේ මිය යෑමට අදාල සියලු විස්තර
මෙම ලින්ක් එකෙන් බලන්න
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |