අටළුගම දැරියගේ සිදුවීම ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්..

Sri Lanka Police Ministry of Defense Sri Lanka
By Sithumi May 28, 2022 10:57 AM GMT
Sithumi

Sithumi

Report


UPDATE : අටලුගම දැරියගේ මරණය සම්බන්ධයෙන් පියා ගෙන් ප්‍රශ්න කරයි ..

බණ්ඩාරගම අටුලුගම පාතිමා අයේෂා නමැති නව හැවිරිදි දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් පියාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය අදාළ දැරියගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලිසියට අමතරව පාණදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සහ බුද්ධි නිලධාරින්ද ඒකාබද්ධව පරීක්ෂණ පවත්වන බව පානදුර කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ මහතා පැවසීය.

දැරියගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් පාණදුර ප්‍රදේශයේ පදිංචිව සිටින දැරියගේ සමීප ඥාතියකු සම්බන්ධව ද සොයා බලන බව ද පොලිසිය කියයි දැරිය පිටකොටුව ප්‍රධාන බස් නැවතුම් පොළේ කාන්තාවක් සමග සිටින බවට මුහුණු පොතේ පළ කළ දැන්වීමක් අනුව ලද තොරතුරු අනුව ඒ සම්බන්ධයෙන් සොයා බලන ලෙස කොළඹ ප්‍රදේශයේ පොලිසිවලට පොලිස් පණිවුඩ නිකුත් කළ බව බණ්ඩාරගම පොලිසියේ නිලධාරියෙක් පැවැසීය 

 දැරිය අතුරුදන් වීමට පෙර දින රාත්‍රියේ හැඳ සිටි රාත්‍රි ඇඳුම හොරණ පොලිස් නිල සුනඛ "ඩෘනෝ" සුනඛයාට ඉව කිරීමට සැලසීමෙන් අනතුරුව පොලිස් නිල සුනඛයා දැරිය කුකුළු මස් මිලදී ගැනීම සඳහා ගිය බව කියන වෙළඳසැල අසලට ගොස් නැවතුන බව පොලිසිය කියයි

__________________

අටලුගම දැරිය අවසන් ගමන් යයි...

බණ්ඩාරගම අටුලුගම ප්‍රදේශයේ අතුරුදන්වී සිටි දැරියගේ සිරුර සොයාගෙන ඇත. නිවස ආසන්නයේ වගුරු බිමක තිබී දැරියගේ සිරුර සොයාගෙන ඇත්තේ ප්‍රදේශවාසීන් විසිනි.

දැරිය සම්බන්ධයෙන් විමර්ශනය කළ පොලිස් කණ්ඩායම් අනාවරණය කරගෙන තිබුණේ, CCTV කැමරා ක්‍රියාත්මක නොවන නිවසට ආසන්න මීටර් 150ක ප්‍රදේශයකදී දැරියට යම් සිදුවීමකට මුහුණදීමට සිදුවී තිබෙන බවය

. 9 හැවිරිදි පාතිමා අයිෂා නම් දැරිය ඊයේ (27) පෙරවරු 10ට පමණ නිවසේ සිට මීටර් 200කින් පමණ දුරකින් යුත් වෙළෙඳසැළකට ගොස් තිබුණේ කුකුළු මස් රැගෙන ඒම සඳහාය. නමුත් ඇය යළින් නිවස වෙත පැමිණ තිබුණේ නැත. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකය.

GalleryGalleryGalleryGallery