අස්වැසුම නිසා මුළු රටම කතා වෙන දේ..
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ මූලික ලැයිස්තුවට නම ඇතුළත් නොවූ පිරිසගේ අභියාචනා භාරගැනීම දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලදී අද ආරම්භ කෙරුණා.
එහිදී ඇතැම් ස්ථානවල ඇතිවූයේ දැඩි නොසන්සුන් තත්ත්වයක් වන අස්වැසුම ප්‍රතිලාභ යෝජනා ක්‍රමය මේ වන විට රට තුළ දැඩි ආන්දෝලනයක් මතුකර තිබෙනවා.
අස්වැසුම ප්‍රතිලාභ ලබාදීම සඳහා සිදුකළ සමීක්ෂණ නිසි පරිදි සිදුවී නොමැති අතර තමන්ට ලැබෙමින් තිබූ සමෘද්ධි සහනාධාරය ද අහිමි වී ඇති බවයි සමෘද්ධිලාභීන් චෝදනා කරන්නේ.
එලෙස චෝදනා කරමින් පසුගිය දින ගණනක සිට ප්‍රදේශ රැසක විරෝධතා පැවැත්වූ බව අප වාර්තාකරුවන් පැවසුවා.
ඒ අනුව අස්වැසුම ප්‍රතිලාභ ලේඛනය පිළිබඳ විරෝධතා හා අභියාචනා ඉදිරිපත් කිරීම සඳහා රජය අද සිට ජනතාවට අවස්ථාව ලබාදුන් අතර එම කාලය ජුලි 10 වනදා දක්වා දීර්ඝ කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව අභියාචනා භාරදීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල රැසකට අදත් විශාල පිරිසක් පැමිණ සිටි අයුරු දැක් ගන්නට හැකිව තිබෙනවා.
