පියුමිගේ සුදුවෙන ක්‍රීම් එකයි BMW එකයි යළි කරළියට..බලන්නකෝ වෙලා තියන දේ ..(VIDEO)

Report

ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනියක් වන පියුමි හංසමාලිගෙන් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය නැවත වරක් ප්‍රශ්න කර තිබේ.

ඒ ඇය හිමිකාරීත්වය දැරූ BMW වර්ගයේ මෝටර් රථයක් හා ඇයගේ වත්කම් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළවයි. ඒ අනුව ඇයගෙන් ඊයේ (04) පැය 9කට ආසන්න කාලයක් ප්‍රශ්න කර තිබේ.

ලේකම් තණ්හාව නිසා පක්ෂ පහකට මහ මැතිවරණය තහනම් වෙලා ..

ලේකම් තණ්හාව නිසා පක්ෂ පහකට මහ මැතිවරණය තහනම් වෙලා ..

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පසුගිය ජුලි මස 5 වැනිදා සිය භාරයට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට අයත් BMW වර්ගයේ මෝටර් රථය ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනියක් වන පියුමි හංසමාලිගෙන් මිලදි ගෙන ඇති බවට අනාවරණ කර ගැනුණි.

ඒ අනුව පියුම් හංසමාලි එම BMW වර්ගයේ මෝටර් රථය මිලදී ගැනීමට මුදල් උපයාගත් ආකාරය හා ඇය විසින් අලෙවි කරනු ලබන සම පැහැපත් කරන ආලේපනවලින් ප්‍රශ්න සහගත ලෙස අධික මුදලක් උපයාගැනීම සම්බන්ධයෙන් නීතිවිරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය විමර්ශනයක් ආරම්භ කළේය.

ත්‍රීරෝද රථ ගාස්තුව නියාමනය කලත් එය නිසි පරිදි ක්‍රියාත්මක නොවන බවට චෝදනා ..

ත්‍රීරෝද රථ ගාස්තුව නියාමනය කලත් එය නිසි පරිදි ක්‍රියාත්මක නොවන බවට චෝදනා ..

එම විමර්ශනයට අදාළව ප්‍රකාශ ලබාදීම සඳහා ඊයේ පෙරවරු 9ට පමණ නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි නීතිවිරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබුණි. එහිදී පැය 9කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව ඊයේ පස්වරු 6ට පමණ ඇය ඉන් පිටත්ව ගියාය.