තරුණියට පහරදෙන වීඩියෝව සමාජ මාධ්‍යයට මුදා හැරි හේතුව හෙළිවෙයි..මීට පෙර තරුණිය කළ වැඩත් මාට්ටු වෙයි..

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Police Sri Lanka Food Crisis
By Aruna Sep 25, 2023 04:05 AM GMT
Aruna

Aruna

Report

කාර්ගිල්ස් ‌ෆුඩ්සිටි (Cargills FoodCity) සුපිරි වෙළඳ සැලක් තුළ (බොරැල්ල ශාඛාව) තරුණියකට වටකර අමානුෂික අයුරින් පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාරගත කළ සේවකයන් 07දෙනා අද (25) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

මෙසේ රිමාන්ඩ් භාරයට පත්කරනු ලැබූ අය අතර සේවකයෝ තිදෙනෙකු සහ සේවිකාවෝ සිවුදෙනෙකු වෙයි.

ඒ් අතර, පහරදීමේ සිද්ධිය වූ අවස්ථාවේ කළමනාකාරීවරියක ලෙස සිටි කාන්තාවකද සිටී.

අත්අඩංගුවට ගැනුණ අය අතර අදාළ CCTV දර්ශන සමාජ මාධ්‍යට මුදාහැරිය සේවකයාද සිටින අතර, ඔහු පහරදෙන දර්ශන ඇතුළත් වීඩියෝවේ රූපරාමුවල ද සිටින බවයි වාර්තා වන්නේ.

එම සේවකයා පොලිසියට පවසා ඇත්තේ, එහි කළමනාකාරිය සමඟ තිබූ වෛරය හේතුවෙන් මෙම වීඩියෝව සමාජ මාධ්‍යට මුදා හැරි බවටයි.

අදාළ කාන්තාවට මෙසේ පහරදී ඇත්තේ, චොක්ලට් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බව ද පැවසේ.

පහරකෑමට ලක්වූ අදාල කාන්තාව මීට පෙරද මෙවන් සොරකම් සිදු කර ඇති බව බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ජනක විතානගේ මහතා කියා සිටිනවා.

විතානගේ මහතා වැඩිදුරටත් කියා සිටියේ, ඇයට වැලිකඩ, බම්බලපිටිය සහ කොහුවල වෙළඳ ආයතනවලින් මෙස‌ේ භාණ්ඩ සොරකම් කිරීමේ චෝදනා එල්ලව ඇති බවයි.

පොලිස් නිලධාරීන්ට පහර දුන් පිරිසක් අත්අඩංගුවට.

පොලිස් නිලධාරීන්ට පහර දුන් පිරිසක් අත්අඩංගුවට.


ReeCha