වැටලීමට ගිය සුරා බදු නිලධාරියෙකුට පහර දීමක්.

Police spokesman Sri Lanka Excise Department of Sri Lanka Drugs
By Hashini Sep 30, 2023 10:39 AM GMT
Hashini

Hashini

Report

මතුගම ප්‍රදේශයේ දී සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීකුට පහර දී ඔහු සතු මුදල් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මතුගම ප්‍රදේශයේ පසුගිය මස 12 වැනිදා මත්ද්‍රව්‍ය වැටලීමක් සඳහා සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරින් කණ්ඩායමක් ගොස් තිබුණා.

එහි දී උපාය දූතයකු ලෙස යෙදවූ සුරාබදු නිලධාරියාට ජාවාරම්කරුවන් විසින් තියුණු ආයුධයකින් පහර දී තිබෙනවා.

එසේම එම නිලධාරියා සතු ව තිබූ රුපියල් 245,000ක මුදලක් කොල්ල කා තිබූ බව සඳහන්ය.

කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයේ දී ඊට සම්බන්ධ සැකකරුවකු ඕවිටිගල ප්‍රදේශයේ දීත් තවත් සැකකරුවෙකු බදුරලිය ප්‍රදේශයේ දීත් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් සතු ව හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 553ක් ද සොයා ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මතුගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා 

ReeCha