පිට පිටම ජය.. - අපරාජිතව චමරි ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිඩිකාවන් අවසන් පූර්ව වටයට..

Cricket Sri Lanka Cricket Sports Latest Headlines
By krishani Jul 24, 2024 04:15 PM GMT
krishani

krishani

Report

අද (24) දින ශ්‍රී ලංකා ක්‍රිකට් කාන්තා කණ්ඩායමට ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අපරාජිතව අවසන් පූර්ව වටයට පිවිසීමට හැකි විය.

පිට පිටම ජය.. - අපරාජිතව චමරි ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිඩිකාවන් අවසන් පූර්ව වටයට.. | Asia Cup Women S Cricket Tournament

ඒ අද පැවැති තරගයෙන් තායිලන්ත කණ්ඩායම කඩුලු 10කින් පරාජය කරමින් ය.

එම තරගයේ කාසියේ වාසිය දිනූ තායිලන්ත පිල පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේ ය.

ඒ අනුව තායිලන්තය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස් කළේ ලකුණු 93ක් පමණි.

ජයග්‍රාහී ලකුණු 94ක ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දුවාර 11යි පන්දු 03ක් අවසානයේ කිසිඳු කඩුල්ලක් නොදැවී ලකුණු 94ක් ලබා සිය ජය තහවුරු කළා ය.  

ReeCha