කථානායකගේ ආචාර්ය උපාධිය ගැන විශේ්ෂ ප්‍රකාශයක්..
Parliament of Sri Lanka
Sri Lanka Politician
AKD
By Aruna
කතානායක අශෝක රන්වල මහතා එළඹෙන 17 වෙනිදා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතව ඇති බව වාර්තා වනවා.
ඒ එදිනට රැස්වීමට නියමිතව ඇති පාර්ලිමේන්තුව අමතමින්.
කථානායක සිය උපාධිය ගැන විනාඩි 22ක් විස්තර කළ හැටි මෙන්න..ඇත්තටම උපාධියක් තියේ ද? සම්පූර්ණ විස්තරය මෙන්න.
මෙම ප්‍රකාශය සිදු කිරීමට නියමිතව ඇත්තේ, ඔහුගේ ආචාර්ය උපාධියක් සම්බන්ධයෙන් ඇති වී තිබෙන මතභේදාත්මක තත්ත්වය සම්බන්ධයෙන් බවයි පැවසෙන්නේ.
කතානායකවරයාට ඇති බව කියන ආචාර්ය උපාධි අසත්‍ය ඒවා බවට සමාජයෙන් දැඩි විවේචන එල්ල වෙද්දී කතානායකවරයා මෙතෙක් ඒ පිළිබඳව පැහැදිලි ප්‍රතිචාරයක් දක්වා නොමැති වීමද විශේෂත්වයක්.
මේ සම්බන්ධයෙන් පාඨලී චම්පික රණවක මහතා දැක්වූ අදහස් පහත වීඩියෝවෙන් නරඹන්න👇