පොල් තෙල් සම්බන්ධයෙන් රතු එළියක්..ඉදිරියෙදී තෙල් නැතිව කන්න වෙයි.
පොල් මිල ඉහළයාම හමුවේ දේශීය පොල්තෙල් නිෂ්පාදනයද ඇණහිට තිබෙන බව වාර්තා වනවා.
තවමත් වෙළෙඳපොළේ පොල් ගෙඩියක් අලෙවිවන්නේ රුපියල් 150ත් 200ත් අතර මිලකටයි.
දේශීය පොල්තෙල් නිෂ්පාදකයින් සදහන් කළේ, වෙළෙඳපොළේ පවතින මිලට පොල් ගෙඩියක් මිලට ගෙන පොල් තෙල් නිෂ්පාදනය කිරීමෙන් ලාභයක් ලැබිය නොහැකි බවයි.
කථානායක සිය උපාධිය ගැන විනාඩි 22ක් විස්තර කළ හැටි මෙන්න..ඇත්තටම උපාධියක් තියේ ද? සම්පූර්ණ විස්තරය මෙන්න.
මේ හේතුවෙන් ආනයනික පොල්තෙල් කිලෝවක මිල රුපියල් 800 දක්වා ඉහළ ගොස් ඇති බවයි සමස්ත ලංකා පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකයින්ගේ සංගමයේ ප්‍රධාන කැදවුම්කරු බුද්ධික ද සිල්වා ප්‍රකාශ කළේ.
මේ අතර, පොල් මිල ඉහළ ගොස් ඇති පසුබිමක සහල් මිල සම්බන්ධයෙන් ද පවතින්නේ ගැටලුකාරී තත්ත්වයක්.
මෝල්හිමියන්ට රුපියල් 100ක් වැනි අඩු මිලකට ලබාදුන් වී, සහල් බවට පත්කර අධික මිල ගණන් යටතේ විකිණීම අසාධාරණ බවයි නාමල්ඔය ගොවිජන අයිතීන් සුරැකීමේ සංවිධානය චෝදනා කළේ.
මේ අතර, මහා පරිමාණ වී මෝල්හිමියන් පවසන ආකාරයට සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය සංශෝධනය නොකළ යුතු බව සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල්හිමියන්ගේ සංගමය පවසනවා.
පාරිභෝගික ජනතාවද චෝදනා කළේ සතොසෙහි සහල් සහ පොල් ප්‍රමාණවත් පරිදි නොමැති බවටයි.
You May Like This Video