කෝටිපති පෙම්වතාගේ පුදුම හිතෙන විවාහ යෝජනාවෙන් පසු අසේකා කී අපූරු කතාව (VIDEO)
මේ දවස් වල කවුරුත් කතාබහ කරන අපූරු විවාහ යෝජනාවක් තමයි ප්‍රවීණ නර්තන ශිල්පී චන්න විජේවර්ධනයන්ගේ ආදරණීය දියණිය වන අසේකා විජේවර්ධනගේ පෙම්වතා ඇයට දුන් පුදුම හිතෙන marriage proposal එක.
නුවරඑළිය ප්‍රදේශයේදී අසේකා හෙලිකොප්ටරයකින් බැස එන අවස්ථාවේදී කුඩා දරුවෙක් විසින් මල් පොකුරක් දී ඇය පිළිගන්නා අතර ඉන්පසු ඇයගේ පෙම්වතා මුදුවක් ඇයගේ අතෙහි පළඳනු ලබනවා. ඇයගේ පෙම්වතා කෝටිපති ධනවත් පුද්ගලයෙකු බව තමයි අපිට ආරංචි වෙන්නේ. ඉතින් මෙම අපූරු විවාහ යෝජනාවෙන් පසු අසේකා ඒ සඳහා අපූරු කතාවක්ද මාධ්‍යයට කියලා තිබුණා. අසේකා කියලා කියන්නේ කොහොමත් ඉතාමත් දක්ෂ නර්තන ශිල්පිනියක්.
සිය මවගේ සහ පියාගේ ආභාෂයෙන් යුතුව නර්තන වැඩකටයුතු ඉතාමත් විශිෂ්ට අන්දමින් සිදු කරන ඇය මේ වන විට චන්න උපුලි රංගායතනයේ නර්තන ආචාර්යවරියක් වශයෙනුත් සේවය කරනවා. ඒ වගේම තමයි ඕනෑම සුප්‍රසිද්ධ උත්සවයකදී හෝ රූපවාහිනී නාලිකා වල විකාශය වන රියැලිටි අවසන් මහා තරගය සඳහාත් ඇයගේ දායකත්වය අපට නිරන්තරවම දැකගන්නට පුළුවන්. ඉතින් සිය නර්තන වැඩ කටයුතුත් සමග සිය ජීවිතයේ තීරණාත්මක මොහොතකට පසුගියදා මුහුණ දුන් ඇය එම සප්‍රයිස් එක පිළිබඳව පවසා තිබුණේ මේ වගේ දෙයක්. “ඇත්තම කියනවනම් මගේ ජීවිතේ මම වැඩියෙන්ම සතුටු වුන දවස තමයි ඒ, මට හිතාගන්න බැරිවුනා මම මොකද්ද කරන්න ඕන කියලා මම එච්චර සප්‍රයිස් වෙලා හිටියේ, මම හැමදාම හෙවුවේ මට ගොඩක් ආදරේ කරන කෙනෙක් අද මගේ ඒ හීනෙ හැබෑවෙලා”
මේ විදිහට තමයි ඇය එහිදී පවසා සිටියේ. ඉතින් ඇයගේ මෙම අපූරු අවස්ථාව නිසා ඇයගේ මව වන උපුලී පණීභාරතත් පියා වන චන්න විජයවර්ධනත් ඉතාමත් සතුටට පත් වී සිටින බව තමයි වැඩිදුරටත් ඇය කියල තිබුනෙ. ඉතින් මේ ආදරණීය නර්තන ශිල්පිනියකගේ සියලුම ඉදිරි අනාගත කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම ඔවුන් දෙපළගේ ජීවිතය සතුටින් ඉතිරේවා කියලා සුභ පැතුම් එක්කරනවා
ඔහු ඇයව පුදුම කළ එම අවස්ථාවේ වීඩියෝව පහතින් නරඹන්න්න.
ජනප්‍රිය නළු නිළියන් ක්‍රීඩකයන් , ගායක ගායිකාවන් ඇතුළු ඔබ ආදරය කරන ජනප්‍රිය තාරකාවන්ගේ නවතම තොරතුරු දැන ගන්න. ගගන ගොසිප් ගෲප් එකට එක්වන්න |