තරුණයන් හඩවමින් ජනප්‍රිය නර්තන ශිල්පිනි අසේකට කෝටිපති පෙම්වතා දුන්න සප්‍රයිස් ප්‍රපෝසල් එක - වීඩියෝ සහිතයි (VIDEO/PHOTOS)
පිය උරුමයට සරිලන සහජ හැකියාව මෙන්ම එම ආභාසය ඉදිරියට ගෙන යෑමේ දක්ෂතාව කැමැත්ත සහ අභිමානයද තිබිය යුතුය.ඒ සියල්ලෙන් පිරුණු අපූරු දුවක හදවතින්ම අප හා කතාබහට එක්විය. ඈ අන් කවුරුත් නොව අසේකා විජේවර්ධන.
ප්‍රවීණ නර්තන ශිල්පී චන්න විජේවර්ධනයන්ගේ සහ උපුලි පණිභාරත විජේවර්ධනයන්ගේ එකම දූ කුමරියයි. ඉතින් ඇයගේ තොරතුරු ගැන අපිට ඇය කියුවේ මේ විදිහටයි. මම අසේකා විජේවර්ධන. ජීවිතය දිහා බලන්නේ හරිම සරලවයි. සිනාවට මම බොහොම ඇලුම් කරනවා. අම්මට තමයි ගොඩක්ම සමීප. පුදුම විදියට මගේ අම්ම මාව අධ්‍යයනය කරනවා. යමක් ඉෂ්ටකර ගන්න ඕනෑ වුණාම පළමුවෙන් අම්මට කියනවා. දෙවනුව තමයි තාත්තාගේ අවසරය ලැබෙන්නේ.අම්මයි තාත්තයි නර්තන විෂය ගැන මාව දැනුවත් කළා.
මගේ අදහස් වෙනස් කර ගන්න උදව් කළා. ඒ වාගේම භාතිය සන්තුෂ් කියන්නේ මගේ සමීපතම යාළුවො දෙන්නෙක්. පැහැදිලිවම කියනවා නම් පුංචි කෙල්ලක කාලේමයි මම එයාලගේ රසිකාවියක් වුණේ.අන්න ඒ දෙන්නත් මම හිතන විදිය වෙනස් කරගන්න නර්තනය තුළ දිග ගමනක් යන්න මට සහාය දුන්නාය කිව්වොත් හරි නර්තන ශිල්පිනියක්ම වෙන්න ඕනෑ කියන නියමයෙහි මම හිටියේ නැහැ.
චන්න උපුලි රංගායතනයේ ගුරුවරියක ලෙස මම උගන්වනවා.නර්තන කලාව තවදුරටත් ඉගෙන ගන්න මගේ වටපිටාවේම ඉතාම හොඳ ගුරුවරයෙක් මට ඉන්නවා. ඒ තමා මගේ තාත්තා. තාත්තගෙන් මම ඉගෙනගත යුතු තව බොහෝ දේ තියෙනවා. ඒ හින්දා නර්තනය හදාරන්න තව කොහේවත් යන්න ඕනෑය කියන අදහසක් මා සිතෙහි නැහැ.ය අපිට විවාහය ගැනත් කිවුවේ මේ වගේ දෙයක්.
”ඇත්තටම මගේ අම්මයි තාත්තයි ගොඩක් විවෘතව කතා කරනවා. ඒ නිසාම මට විවාහ යෝජනා එන ඒවා පිලිබඳ එයාලා මට කෙලින්ම කියනවා. ඉතින් මෙහෙම කියූ අසේක ගැන සුබ පණිවුඩයක් තමයි අපට අසන්නට ලැබුණේ. ඇත්තෙන්ම අසේකා කියල කියන්නේ මේවෙනකොට පෙම්වතියක්.
ඉතින් ඇගේ පෙම්වතා ඇයට නුවර එළියේදී සප්‍රයිස් විවාහ යෝජනාවක් ගෙන එනවා. ඒ හෙලිකොප්ටරෙන් ඇවිල්ලා හරිම සුන්දර ආකාරයටයි. මේ අතර අසේකාගේ පෙම්වතා ගැන කියනවානම් ඔහු තමයි ජනික් ජයසුරිය. ඔහු ව්‍යාපාරිකයෙක් කියලා තමයි අපට දැනගන්නට ලැබන්නේ. ඉතින් අපිත් අසේකාට සහ ජනික්ට හදවතින්ම සුබ පැතුම් එකතු කරනවා වගේම ඔවුන්ට හැමදාම සතුටින් ආදරයෙන් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
එම සප්‍රිස් වීඩියෝව පහතින් නරඹන්න..?
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |