අස්වැසුම විශේෂ සතිය අද සිට.
සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසන්නේ 'අස්වැසුම' දෙවන වටය සඳහා අයදුම්පත් භාර ගැනීම ජනවාරි මාසයේදී ආරම්භ කරන බවයි.
එම මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික කමල් පද්මසිරි සඳහන් කරන්නේ පළමු වටයේ ගෙවීම් දෙසැම්බර් මාසය වන විට අවසන් කරන බවයි.
'අස්වැසුම' ප්‍රතිලාභින්ට නොවැම්බර් මස 15 වන දින වන විට ඔවුන්ගේ සැප්තැම්බර් ගෙවීම් ලැබෙනු ඇති අතර ඔක්තෝබර් ගෙවීම් නොවැම්බර් මස අවසානයේ දී සිදු කරනු ලබනවා.
එමෙන්ම අද(06) සිට 'අස්වැසුම' විශේෂ සතිය ආරම්භ කරන බව ද සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික කමල් පද්මසිරි සඳහන් කරනවා.
එම සතිය අරාම්භ කරනු ලබන්නේ ප්‍රතිලාභ වැඩසටහන විධිමත් කිරීම සහ පවතින ගැටළු වලට විසඳුම් ලබා දීම කෙරෙහි අවධානය යොමු කරමිනි.
මෙම විශේෂ සතිය ලබන 12 වනදා දක්වා පැවැත්වෙනවා.
මේ අතර අස්වැසුම විශේෂ සතියෙන් ගැටළු කිහිපයක් මුල් කර ගනිමින් ප්‍රාදේශීය ලේකම්වරුන් මෙන්ම සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.
