පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න යළිත් තම පිළ මාරු කරයි..?

Sajith Premadasa Sri Lanka Samagi Jana Balawegaya
By Sewvandhi Sep 05, 2023 07:49 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පාර්ලිමේන්තු මන්ත්‍රී ,ශ්‍රී ලංකා මහජන පක්ෂයේ ප්‍රධාන ලේකම්, අසංක නවරත්න මහතා සමගි ජන බලවේගයට සහාය පළකිරීමට තීරණය කර තිබේ.

ඔහු ඒ බව ප්‍රකාශ කර ඇත්තේ, විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා හමුවීමෙන් අනතුරුවයි.

 අසංක නවරත්න මහතා පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වුණි.

අනතුරුව ආණ්ඩුවෙන් ඉවත් වී උත්තර ලංකා සභාගය සමඟ කටයුතු කළ ඒ මහතා සමගි ජන බලවේගයට සහාය පළ කිරීමට ඊයේ (04) තීරණය කර ඇත.

ඒ අනුව ඔහු විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී මේ බව සඳහන් කර තිබේ.  

ReeCha