දකුණු පළාතම භීතියට පත් කළ පාතාල චන්ඩියා අද ලංකාවට ගේනවා - රුසියාවේදී කොටු වූ 'රොටුඹ අමිල' මෙරටට රැගෙන එයි
By Kanchana
රුසියාවේදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබූ සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ බව කියන ‘රොටුඹ අමිල’ නමැත්තා අද (20) දිනයේදී මෙරටට රැගෙන ඒමට නියමිතව තිබෙනවා.
දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් සිදු වූ මනුෂ්‍ය ඝාතන, කප්පම් ගැනීම් සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු ලෙස ඔහු පොලිසියට අවශ්‍යව සිටි අයෙක්.
මෙරටින් පලාගොස් රුසියාවේ සැඟව සිටියදී 2025 වසරේ මාර්තු මාසයේදී එරට ආරක්ෂක අංශ විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබ තිබුණා.