පාස්පෝට් හදන්න යනව නම් ඔබ මේ ගැනත් දැනුවත් වෙලා යන්න - 09ක් අත්අඩංගුවට..
ආගමන විගමන දෙපාර්තමේන්තුව අසල දී පුද්ගලයින්ගෙන් මුදල් ලබාගෙන විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සිදු කළ තැරැව්කරුවන් 09 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ නියෝගයක් අනුවයි.
පෝලිම්වල නොසිට මෙම විදේශ ගමන් බලපත්‍ර නිසි ක්‍රියාමාර්ගවලට පරිබාහිරව ගොස් සකස් කර දෙන බවට පැමිණිලි ලැබී ඇත.
ඒ අනුව මෙම වැටලීම සිදු කර ඇත්තේ.
ආගමන විගමන දෙපාර්තමේන්තුව අසල දී විදේශ ගමන් බලපත්‍ර සැකසීම සදහා රුපියල් 25,000 ක මුදලක්ද මොවුන් ලබාගෙන තිබෙනවා.
කෙසේවෙතත්, මෙම මෙහෙයුම් ඉදිරියටත් ක්‍රියාත්මක වන අතර මෙසේ වංචනිකයන් සමග එකතු වී ක්‍රියාකරන අනෙකුත් නිලධාරීන් පිළිබඳව ද සොයා බලන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සඳහන් කළේ ය.
මේ අතර, ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ඊයේ (18) දින සිට පැමිණෙන සියලුදෙනා කඩිනමින් පරිශ්‍රය ඇතුළට ගන්නා බව ආගමන විගමන පාලක ජනරාල්වරයා සඳහන් කළේ ය.
කෙසේවෙතත්, ජූනි මාසයේ සිට ගමන් බලපත්‍ර ලබාගන්නා ක්‍රමවේදයේ වෙනසක් සිදුකරන බවත් උද්ගත වී ඇති දැඩි තදබදය පිළිබඳ අදහස් දක්වමින් ආගමන විගමන පාලක ජනරාල්, හර්ෂ ඉලුක්පිටිය මහතා සඳහන් කළේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |