පොලිසියට පිහියක් පෙන්වා සහෝදරයාව ගෙනියන්න හැදූ සැකකරු අත්අඩංගුවට ..

By Piyumika Jul 24, 2024 04:15 AM GMT
Report

කොළඹ ගෑන්ඩ්පාස් ස්ටේට් පාර ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් සැකකරුවකු මුදා ගැනීමට පොලිස් නිලධාරීන්ට පිහියක් අමෝරා පැමිණ සැකකරු රැගෙන යාමට උත්සාහ කළ පුද්ගයකු අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය පැවසීය .

ආබාධිත කාන්තාවකගේ නිවසක් හදිසියේ ගිනි ගනී..ගිනි නිවීමට පැමිණි අයෙකු ගිණි ගොඩ මැදට වැටී බරපතළ තුවාල..

ආබාධිත කාන්තාවකගේ නිවසක් හදිසියේ ගිනි ගනී..ගිනි නිවීමට පැමිණි අයෙකු ගිණි ගොඩ මැදට වැටී බරපතළ තුවාල..

අත්අඩංගුවට ගත් එම සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ සහෝදරයා බවයි වාර්තා වනුයේ.

ග්‍රෑන්ඩ්පාස් පොලිසියට අනුයුක්ත උප පොලිස් පරීක්ෂක ජීවන්ත නිලධාරියා ඇතුළු පොලිස් නිලධාරීන් කීප දෙනෙකු ලද තොරතුරක් අනුව එම නිවස වටලා මත්ද්‍රව්‍ය සමග සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව එම සැකකරු පොලිස් නිලධාරීන්ට ප්‍රතිවිරෝධය පාමින් රාජකාරියට බාධා කර කර පලායාමට උත්සාහ කර ඇත.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බිහිසුණු අනතුර..

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බිහිසුණු අනතුර..

එම අවස්ථාවේදී සැකකරුගේ සහෝදරයා වන සැකකරු පිහියක් රැගෙන එම ස්ථානයට පැමිණ උප පොලිස් පරීක්ෂකවරයාට මරණ තර්ජනය කර අත්අඩංගුවට ගත් සැකකරු රැගෙන යාමට උත්සාහ දැරූ බව පොලිසිය සඳහන් කරයි.