උතුවන්කන්දේ බඩා සහ බත්තරමුල්ලේ හයිස්පීඩ් කොටුවෙයි.

Police Thalangama Uthuwamkandee bada Hi-speed
By Aruna Dec 22, 2021 04:49 AM GMT
Aruna

Aruna

Report

තලංගම පොලීසියේ දූෂණ මර්දන ඒකකය විසින් තලවතුගොඩ ප්‍රදේශයේ හදිසි වැටලීමක් සිදුකර තිබේ.

එහිදී රුපියල් ලක්ෂ 5කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 2යි ග්‍රෑම් 100ක් සහ හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 150 ක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් සතුව තිබී මත්ද්‍රව්‍ය කිරීමට ගන්නා විද්‍යුත් තරාදියක් සහ ජංගම දුරකථන 2ක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තලවතුගොඩ උතුවන්කන්ද ප්‍රදේශයේ පදිංචි අරුණ නොහොත් 'බඩා' නැමැත්තා සහ බත්තරමුල්ල ප්‍රදේශයේ ප්‍රසන්න නොහොත් 'හයිස්පීඩ්' නැමැත්තා බව පොලීසිය පැවසුවේය.

සැකකරුවන් කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගරගත කර තිබේ.

තලංගම පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිනේෂ් අත්තරගම මහතාගේ මඟපෙන්වීම යටතේ දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක මුදිත ප්‍රියංකර මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් විමර්ශන සිදුකරනු ලබයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now