හොර පශු වෛද්‍යවරයෙකු අත්අඩංගුවට

Covid 19 Sri lanka adaderana
By Sithumi Jun 14, 2021 02:19 PM GMT
Sithumi

Sithumi

Report

පනවා ඇති සංචරණ සිමා නිතිය උල්ලංඝනය කරමින් රෝගාතුරව සිටි ගවයෙකුට ප්‍රතිකාර ලබා දිමට පැමිණි පශු වෛද්‍යවරයෙකු ලෙස පෙනි සිටි පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ශාන්ත බණ්ඩාර මහතා පැවසිය.

බගවන්තලාව පොලිස් වසමට අයත් කොටියාගල වත්ත මැද කොටසේ රෝගාතුරව සිටි ගවයෙකුට එන්නතක් ලබාදිමට හැටන් කොටගල ප්‍රදේශයේ සිට පශු වෛද්‍යවරයෙකු වශයෙන් පෙනි සිටින පුද්ගලයෙකු පැමිණ ඇති බවට බගවන්තලාව පශු වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පශු වෛද්‍යවරුන්ට ලද තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු තේ වතු ආශ්‍රිත ගවයන් ඇති කරන ගොවියන් වෙත ගොස් ගවයන්ට ප්‍රතිකාර ලබා දි මුදල් ලබා ගන්නා පුද්ගලයෙකු බවත්, සැකකරු වෘත්තියෙන් පශු වෛද්‍යවරයෙකු නොවන බවද කරන ලද මුලික පරික්ෂණ වලදි අනාවරණය වි ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු ඇප මත මුදා හැර ඇති අතර සැකකරුට එරෙහිව සංචරණ සිමා නිතිය උල්ලංඝන කිරිමේ චෝදනාව යටතේ හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ නෛතික පියවර ගැනිමට කටයුතු කරන බව බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපතිවරයා පැවසිය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
Join now


ReeCha