එකලස් කරන ලද සුඛෝපභෝගී ජීප් රථයක් පොලිස් භාරයට
By Shehan
දෙහිඕවිට සුසාන භූමිය ඉදිරිපිට හෝටලයක ගරාජයක් තුළ සඟවා තිබූ එකලස් කරන ලද සුඛෝපභෝගී ජීප් රථයක් සමඟ එම හෝටලයේ හිමිනරු සහ තවත් පුද්ගලයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සීතාවක කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට ලද තොරතුරකට අනුව ඊයේ (07) මෙම වැටලීම සිදු කළ අතර එහිදී මෝටර් රථ ලියාපදිංචි අංක තහඩු දෙකක් ද සොයා ගෙන ඇති බව වාර්තා වේ.
අදාළ ජීප් රථයේ අංක තහඩු ගලවා තිබුණු අතර හෝටල් හිමිකරුට එම ජීප් රථයේ ලිපි ලේඛන කිසිවක් ඉදිරිපත් කිරීමට හැකියාව ලැබී නැති බව ද සඳහන් වේ.
ඒ අනුව හෝටල් හිමිකරු සහ අදාළ ජීප් රථය එම ස්ථානයට රැගෙන ආ පුද්ගලයා අත්අඩගුවට ගෙන ඇති බව වාර්තා වේ.
