වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ගංවතුර තත්ත්ව ගැන දැනුම්දීමක් - අදත් වැස්සොත් විනාසයි - රටටම රතු එළි

Report

වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු එල්.එස්. සූරියබණ්ඩාර මහතා විසින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් පාලනය කරනු ලබන මධ්‍යම හා මහා පරිමාණ ජලාශ 38කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට වාන් දමමින් පවතින බව සඳහන් කරයි.

ඒ අනුව ඔහු කියා ඇත්තේ දැදුරු ඔය, රාජාංගණය, ඉඟිනිමිටිය, යාන් ඔය සහ උස්ගල සියඹලන්ගමුව ඇතුළු ජලාශ කිහිපයක වාන් දැමීම සාපේක්ෂව ඉහළ අගයක පවතින බවයි.

එහෙත් පවතින තත්ත්වය යටතේ විශාල ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් මේ වන විට නිරීක්ෂණය නොවන නමුත් ජලාශ සහ ගංගාවල ජල මට්ටම් තවදුරටත් ඉහළ අගයක පවතින බව සූරියබණ්ඩාර මහතා පෙන්වා දෙයි.

මේ අතර ඊයේ(27) දිනයේ වර්ෂාපතනයේ අඩුවීමක් දක්නට ලැබුණු අතර, කළු ගඟ හා කැලණි ගඟ ආශ්‍රිත ඉහළ ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 60කට ආසන්න වර්ෂාපතනයක් ලැබී ඇත.

ඉතා ප්‍රබල ඔර්නබ් සුළි කුණාටුව ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ් වෙරළ තීරය හරහා ගොඩබිමට ඇතුළු වෙයි - භීතියෙන් සිටින ජනතාවට වෙන දේ ගැන දැනුම්දීමක්

ඉතා ප්‍රබල ඔර්නබ් සුළි කුණාටුව ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ් වෙරළ තීරය හරහා ගොඩබිමට ඇතුළු වෙයි - භීතියෙන් සිටින ජනතාවට වෙන දේ ගැන දැනුම්දීමක්

එසේම කැලණි ගඟේ ඉහළ ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 40කට ආසන්න වර්ෂාපතනයක් ලැබී ඇති බව ද ඔහු පවසයි. එබැවින් බොහෝ ගංගාවල ඉහළ ප්‍රදේශවල ජල මට්ටම් ක්‍රමයෙන් පහළ යමින් පැවතියත් නිල්වලා, ගිං, කළු සහ කැලණි ගංගා ආශ්‍රිත ඇතැම් පහත් බිම්වල තවදුරටත් සුළු ගංවතුර තත්ත්වයක් පවතින බව සඳහන්.

එමෙන්ම වාරිමාර්ග අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේ නිල්වලා ගඟේ අකුරැස්සට පහළ තල්ගහකොඩ සහ මාතර ආසන්න ප්‍රදේශවලත්, ගිං ගඟේ බද්දේගම ප්‍රදේශයේත් ජල මට්ටම් සුළු ගංවතුර මට්ටමේ පවතින බවයි.

ඒ අනුව ඔහු පෙන්වා දී ඇත්තේ කළු ගඟේ මිල්ලකන්ද, උටුපවුල සහ ඇල්ලගාව ප්‍රදේශවල ද ජල මට්ටම් ඉහළ අගයක පවතින අතර, කළුතර දිස්ත්‍රික්කයේ ගඟ ආශ්‍රිත පහත් බිම්වල ජල මට්ටම් තවදුරටත් ඉහළ යා හැකි බවයි.

ඉතා ප්‍රබල ඔර්නබ් සුළි කුණාටුව ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ් වෙරළ තීරය හරහා ගොඩබිමට ඇතුළු වෙයි - භීතියෙන් සිටින ජනතාවට වෙන දේ ගැන දැනුම්දීමක්

ඉතා ප්‍රබල ඔර්නබ් සුළි කුණාටුව ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ් වෙරළ තීරය හරහා ගොඩබිමට ඇතුළු වෙයි - භීතියෙන් සිටින ජනතාවට වෙන දේ ගැන දැනුම්දීමක්

එසේම කැලණි ගඟේ සහ අත්තනගලු ඔයේ ඉහළ ප්‍රදේශවල ජල මට්ටම් ක්‍රමයෙන් පහළ යමින් පැවතිය ද, ගම්පහ දිස්ත්‍රික්කයේ කටාන සහ ජාඇල වැනි පහත් බිම්වල ජලය තවදුරටත් රැඳී පැවතිය හැකි බව ද ඔහු කියා ඇත.

එසේම අද දිනයේ ද සාමාන්‍ය වර්ෂාපතනයක් අපේක්ෂා කරන බැවින්, වර්ෂාව ලැබෙන ප්‍රදේශවල ගංගා හා පහත් බිම්වල ජල මට්ටම් යළි ඉහළ යා හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇත.

ඒ හේතුවෙන් ජලය රැඳී ඇති ස්ථානවල දිය නෑම, ජල ක්‍රීඩා කිරීම සහ අනෙකුත් අවදානම් ක්‍රියාකාරකම්වලින් වැළකී සිටින ලෙස ද ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.

දැනුම්දීමක් - දිවයින පුරා පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ අද මේ අයටත් නිවාඩු

දැනුම්දීමක් - දිවයින පුරා පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ අද මේ අයටත් නිවාඩු

හෙට දිනත් රටේ පාසල් වැසෙයිද? ලංකාවේ සියලුම පාසල් කටයුතු පිළිබඳව නිවේදනයක්

හෙට දිනත් රටේ පාසල් වැසෙයිද? ලංකාවේ සියලුම පාසල් කටයුතු පිළිබඳව නිවේදනයක්