තෙමහල් නිවසක් කම්පා කළ මරණය - ඉහළ මහලෙන් ඇද වැටී දැරියක් ජීවිතක්ෂයට
By Kaushi
ග්රෑන්ඩ්පාස්, ලෙයාඩ්ස් බෝරෝඩ්වේ ප්රදේශයේ තෙමහල් නිවසක ඉහළ මහලෙන් ඇද වැටී බරපතළ තුවාල ලැබූ දැරියක් මිය ගොස් ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙම අනතුර ඊයේ (27) සවස සිදුව ඇත.
ඉන් බරපතළ තුවාල ලැබූ දැරිය රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුලත් කර ප්රතිකාර ලබමින් සිටියදී මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත.
ඉතා ප්රබල ඔර්නබ් සුළි කුණාටුව ඉන්දියාවේ ආන්ද්ර ප්රදේශ් වෙරළ තීරය හරහා ගොඩබිමට ඇතුළු වෙයි - භීතියෙන් සිටින ජනතාවට වෙන දේ ගැන දැනුම්දීමක්
ඒ සම්බන්ධයෙන් ග්රෑන්ඩ්පාස් පොලීසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇති අතර මියගිය දැරිය අවුරුදු 15 ක් වූ ග්රෑන්ඩ්පාස් ප්රදේශයේ පදිංචිකාරියෙක් බව සඳහන්.
එසේම ග්රෑන්ඩ්පාස් පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.