ඔබත් මේ ලග්න වලද....එහෙනම් ඔබටත් හදිසි ධන ලාභ...

Astrology Lagna Palapala Sinhala news
By Hashini Apr 28, 2025 12:08 AM GMT
Hashini

Hashini

Report

 මේෂ ලග්නය

ක්‍රියාශීලී දිනකි. රාජකාරි බහුල වෙයි. තම ව්‍යාපාරවලදී මහන්සියෙන් ජයගත හැක. අන් අයගේ උපදෙස් උපකාරද ලබයි. දුරගමන් බිමන් ද යෙදේ. හදිසි ධන ලාභද දේ. සිරුරේ රෝග බාධා මතුවෙයි.ජය අංකය 05 වන අතර ඔබට ශුභ වර්ණය වන්නේ තද රෝස පැහැයයි.

වෘෂභ ලග්නය

ඔබට අද තරමක් අවිවේකී දිනකි. උත්සව සාද වැනි දේවලට හේතුයි. අමතර ධන සම්පත් ලාභ ද දෙයි. යටපත්ව තිබූ සතුරු බලපෑම් ඉස්මතු වෙයි. තරමක් සිත් චංචල කරවයි. මුත්‍රා ආසාදන මතු කරයි. ජය අංකය 04 සහ ශුභ වර්ණය වන්නේ අළු පැහැයයි.

මිථුන ලග්නය

ශුභා ශුභ මිශ්‍රඵල දෙයි. තරමක් වගකීම් බහුල වන දිනකි. සතුරු බලපෑම් දමනය වෙයි. ස්වයං රැකියාවන්ගෙන් ජයදෙන අතර තරමක් වෙහෙසව ක්‍රියා කරන දිනකි. බඩවැල් ආබාධ රෝග මතු කරයි.ශුභ වර්ණය රන්වන් පහයි.ජය අංකයවන්නේ අංක 08

කටක ලග්නය

ඔබට අද දිනයේ තරමක් ගමන් බිමන් යෙදේ. රාජකාරි ද බහුල වෙයි. වෙහෙසව ක්‍රියා කරයි. තම සැලසුම් ක්‍රියා කිරීමට හැකි වෙයි. බලාපොරොත්තු රහිත ලෙස වැය පස ඉහළ යන දිනකි. සෙම් රෝග උෂ්ණ රෝග මතු කරයි. ශුභ වර්ණය වන්නේ සුදු පැහැයයි. ජය අංකය අංක 07

 

ඉවසලා ඉන්න තව ලැයිස්තුවක් එලියට දානවා....නලින්ද කියයි

ඉවසලා ඉන්න තව ලැයිස්තුවක් එලියට දානවා....නලින්ද කියයි

සිංහ ලග්නය

ශුභා ශුභ ඵල මතු කරයි. කරගෙන පැමිණි ව්‍යාපාරවල හැලහැප්පීම් මතු කරයි. නමුත් ඉවසීමෙන් ක්‍රියා කළ යුතු දිනකි. සමාජ සත්කාරක ක්‍රියාවල යෙදේ. වාතාධික රෝග ද මතු කරයි. ජය අංකය 01 සහ ඔබට ශුභ වර්ණය තැඹිලි පැහැයයි.

කන්‍යා ලග්නය

ඔබට අද දිනයේ ශුභා ශුභ ඵල මතු කරයි. තරමක් පීඩා කර්ම දැනේ. ව්‍යාපාරවල තරමක ප්‍රගතියකට හේතු ගෙන දෙයි. තම ඥාතීන් වෙනුවෙන් පොදු සේවා කටයුතු වෙනුවෙන් වැයපස ඉහළ යයි. පාද ආබාධ දෙයි. ජය අංකය වන්නේ 06. ඔබට ශුභ වර්ණය වන්නේ කොළ පැහැයයි..

තුලා ලග්නය

තුලා ලග්න හිමි ඔබට අද අවිවේකී දිනකි. ක්‍රියාකාරීවලද පැටලිලි ස්වරූප මතු කරයි. මනසට අවිවේකය ගෙනදෙන අතර කෙටි ගමන් බිමන් ද යෙදේ. වැයපසද ඉහළ යයි. සෙම් කෝප රෝග මතු වෙයි. රාජකාරි බහුල වෙයි. ඔබේ ජය අංකය 07 වන අතර ශුභ වර්ණය ක්‍රීම් පැහැයයි.

වෘශ්චික ලග්නය

සාමාන්‍ය ලෙසින් දවස ගෙවන අතර තම සැලසුම් ක්‍රියා කිරීමට නොහැකි වෙයි. ළඟම ඥාතියකු වෙනුවෙන් තරමක් මිල මුදල් වැය කිරීමට සිදුවෙයි. පෙනහළු ආසාදන රෝග මතු කරයි. වෙහෙස ගෙන දෙයි. ඔබේ ජය අංකය 03 සහ ශුභ වර්ණය රතු පැහැයයි.

උඩුනුවර නාය යෑමක්

උඩුනුවර නාය යෑමක්

ධනු ලග්නය

ඔබට අද ප්‍රීති උත්සව සාද වැනි දේවලට සහභාගි වීමේ අවස්ථා යෙදේ. අලංකාර කටයුතු සඳහා විය පැහැදම් අධික වෙයි. ආගමික චාරිත්‍ර ගරුකරන දිනකි. හදිසි ධන ලාභ ලබයි. ආහාර විෂවීම්වලට හේතුයි. සුබ ගමන් සඳහා ශුභ වර්ණය කහ පැහැයයි. ජය අංකය 04

මකර ලග්නය

ශුභා ශුභ මිශ්‍රඵල දෙයි. දුරස්ථව සිටි ඥාතීන් සමීප වෙයි. තරමක් ආත්මාර්ථකාමී ගති මතුවෙයි. ආගමික චාරිත්‍ර දාන ශීලාදී ගුණධර්මවලට ගරු කරයි. අවිවේකී බවද වේ. හදිසි රෝග කැපුම් කෙටුම් යෙදේ. ජය අංකය 02 සුබ වර්ණය නිල් පැහැයයි.

 කුම්භ ලග්නය

ඔබට අද ක්‍රියාශීලී දිනකි. නමුත් අවිවේකය ඇති වෙයි. ප්‍රීති උත්සව සුහදතා වර්ධන කරන ක්‍රියා ආදියෙහි යෙදේ. ඇසුරින් දුරස්ථ ඥාති මිත්‍රාදීන් සමීප වෙයි. තෘප්තිමත්ව ක්‍රියා කරයි. ස්නායුගත රෝග මතු කරයි.ශුභ වර්ණය දම් පැහැය වන අතර ජය අංකය 05

මීන ලග්නය

මීන ලග්න හිමි ඔබ අද සැහැල්ලුවෙන් දවස ගෙවයි. දහමට අවතීර්ණව අධ්‍යාත්මික ගුණ කෙරෙහි අවධානයෙන් විය යුතු පදිංචියේ වෙනසකට ක්‍රියා කරයි. හදිසි ධන ලාභද ලබයි. වාතාධික රෝග මතු කරයි. ජය අංකය වන්නේ 09. ශුභ වර්ණය ළා දුඹුරු පැහැයයි. 

NPPය මැයි රැළියට සෙනග හොයයි

NPPය මැයි රැළියට සෙනග හොයයි

ReeCha