දෙමව්පියන් හා සිසුන් විරෝධතාවක
Anuradhapura
Sri Lanka
By Sewvandhi
ගුරු හිඟයට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලමින් අනුරාධපුර අධ්‍යාපන කලාපයට අයත් ගම්මිරිස්ගස්වැව මනාර්ලුලුම් විද්‍යාලයේ සිසුන් හා දෙමව්පියන් අද (14) පෙරවරුවේ සාමකාමි විරෝධතාවක නිරත වී තිබෙනවා.
ඒ උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු කාර්යාල ඉදිරිපිට දී. විදුහලේ ගණිතය,විද්‍යාව සහ ඉංග්‍රීසි යන විෂයන් සඳහා ගුරුවරුන් නොමැති අතරම,සිසු සිසුවියන් 582කු අධ්‍යන කටයුතු වල නිරත වෙනවා.
මේ පිළිබඳව උතුරුමැද පළාත් ආණ්ඩුකාර කාර්යාලයටද මාස තුනක කාලයක සිට දැනුම් දීම් සිදු කර තිබුණද ඒ සඳහා නිසි විසඳුම් නොලැබීම හේතුවෙන් මෙසේ සාමකාමී විරෝධතාවක් පවත්වා තිබෙනවා.
