හැටන් බස් නැවතුම්පොළට දැඩි මගී තදබදයක් - දීපාවලී උත්සවයෙන් පසු රැකියා ස්ථාන වෙත යාමට විශාල සෙනගක්

Report

දීපාවලී උත්සවයෙන් අනතුරුව කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරතව සිට වතුකරයට පැමිණි ජනතාව, ආපසු රැකියා ස්ථාන වෙත යාම සඳහා අද (16) දින හැටන් බස් නැවතුම්පොළ වෙත විශාල මගීන් පිරිසක් පැමිණ සිටිනු දක්නට ලැබෙන බව අප වාර්තාකරුවන් සඳහන් කරනවා.

මේ හේතුවෙන් හැටන් ඩිපෝවේ බස් රථ විනාඩි 15කට වතාවක් ධාවනයට එක් කළ බවයි හැටන් ලංගම බස් නැවතුම්පොළේ වේලාසටහන්කරු පැවසුවේ.

ලක්ෂ 4ට වඩා අඩු වුණ අද කැරට් 24 රන් පවුමක මිල - රන් වෙළඳපොළ උණුසුම් කරන අද රන් මිල ගණන් මෙන්න

ලක්ෂ 4ට වඩා අඩු වුණ අද කැරට් 24 රන් පවුමක මිල - රන් වෙළඳපොළ උණුසුම් කරන අද රන් මිල ගණන් මෙන්න

පිට පළාත්වලින් හැටන් බස් නැවතුම්පොළ දක්වා ලංගම බස් රථ ගණනාවක් ධාවනය වීමට නියමිතව ඇති අතර, එම බස් රථ පැමිණීමෙන් අනතුරුව පෝලිමේ රැදී සිටින පිරිස පිටත් කර යැවීමට කටයුතු කරන බවද හෙතෙම සඳහන් කළා.

කෙසේ වෙතත්, සියලුම මගීන් ආසනවල වාඩි වී යෑමට අපේක්ෂාවෙන් සිටීම නිසා කොළඹ දක්වා යෑමට ලංගම බස් රථවල අඩුවක් පවතින බවදයි වේලාසටහන්කරු වැඩිදුරටත් පැවසුවේ.

අධිකරණ ගාස්තු සහ දඩ මුදල් ගෙවීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් - අලුත් ක්‍රමයක් හදුන්වා වේ

අධිකරණ ගාස්තු සහ දඩ මුදල් ගෙවීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් - අලුත් ක්‍රමයක් හදුන්වා වේ