කාවන්තිස්ස හස්තියාගේ සිද්ධියට අදාළ යෝජනාවට මොකක්ද සිදු වුණේ? - සජිත්ගෙන් පාර්ලිමේන්තු වරප්‍රසාද කඩවීමක් ගැන පරීක්ෂණයක් ඉල්ලයි

Report

කාවන්තිස්ස හස්තියා මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් නොගැනීම පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය කිරීමක් විය හැකි බව පවසමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පරීක්ෂණයක් ඉල්ලා තිබේ.

ඒ අනුව, මේ සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා ඔහු කථානායකවරයා වෙත ලිපියක් යොමු කර ඇත.

එම ලිපිය මගින් විපක්ෂ නායකවරයා පෙන්වා දී ඇත්තේ කාවන්තිස්ස හස්තියාගේ මරණය පිළිබඳ සත්‍ය තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා විශේෂ තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස තමන් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරුන් පසුගිය 23 වැනිදා යෝජනාවක් ඉදිරිපත් කළ බවයි.

කෙසේ වෙතත්, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අවස්ථා තුනකදී රැස්වී තිබුණ ද එම යෝජනාව සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ඔහු සඳහන් කර තිබේ.

බෙංගාල බොක්ක කැළඹිමක් අත ලග - ප්‍රබල සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමේ අවදානමක් ගැන අනතුරු ඇඟවීමක්

බෙංගාල බොක්ක කැළඹිමක් අත ලග - ප්‍රබල සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමේ අවදානමක් ගැන අනතුරු ඇඟවීමක්

එමෙන්ම පසුව ඉදිරිපත් කළ වෙනත් යෝජනාවලට ප්‍රමුඛතාව ලබාදී කටයුතු කර ඇති බවත්, කාවන්තිස්ස හස්තියා ඇතුළු වනජීවී සම්පත සම්බන්ධ ජාතික වැදගත්කම සහ හදිසි අවශ්‍යතාව පිළිබඳව රජය ප්‍රමාණවත් අවධානයක් යොමු කර නොමැති බවත් ලිපියේ වැඩිදුරටත් දැක්වේ.

මෙම තත්ත්වය හේතුවෙන් විපක්ෂ නායකවරයා ලෙස තමන්ට පැවරී ඇති ව්‍යවස්ථානුකූල හා පාර්ලිමේන්තුමය වගකීම් ඉටු කිරීමට මෙන්ම පාර්ලිමේන්තු කටයුතුවලට ඵලදායී ලෙස සහභාගී වීමට ඇති අයිතියට බාධා සිදුව ඇති බව ද සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දී තිබේ.

ඒ අනුව, මෙම ක්‍රියාකලාපය පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය කිරීමක් සහ පාර්ලිමේන්තු කටයුතුවලට බාධා කිරීමක් ලෙස සැලකිය හැකි බව ඔහු සඳහන් කර ඇත.

එබැවින් අදාළ පැමිණිල්ල ආචාර ධර්ම හා වරප්‍රසාද පිළිබඳ කාරක සභාව වෙත යොමු කර අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද විපක්ෂ නායකවරයා කථානායකවරයාගෙන් ඉල්ලා තිබේ.

“අපිට මේක නිල් පාට කරගන්න ඕනේ” – ගෑස් සිලින්ඩරයක් රැගෙන පාරිභෝගික අධිකාරියට ආ අභිමානී ජනජය පක්ෂයේ සාමාජිකයින්

“අපිට මේක නිල් පාට කරගන්න ඕනේ” – ගෑස් සිලින්ඩරයක් රැගෙන පාරිභෝගික අධිකාරියට ආ අභිමානී ජනජය පක්ෂයේ සාමාජිකයින්