රාජපක්ෂ පවුලේ සංවේදී වියෝව - චන්ද්‍රා මාලනී රාජපක්ෂගේ දේහය අවසන් ගෞරව සඳහා මැදමුලන නිවසට
By Kanchana
හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ බිරිඳ වන චන්ද්‍රා මාලනී රාජපක්ෂ මහත්මිය ඊයේ (15) අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මෙලෙස අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වන්නේ.
මියයන විට 75 වැනි වියේ පසුවූ චන්ද්‍රා මාලනී රාජපක්ෂ මහත්මියගේ දේහය අද (16) අවසන් ගෞරව දැක්වීම සඳහා මැදමුලන පිහිටි නිවසට රැගෙනවිත් තිබෙනවා.