ලාල්කාන්තගේ 'බත් කතාව' අල්ලගෙන හර්ෂ පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තිය පතුරු ගහයි
2027 අයවැය විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා ආහාර මිල, පෝෂණ අවශ්‍යතා සහ රජය ලබාදුන් බදු සහන පොරොන්දු සම්බන්ධයෙන් ආණ්ඩුව විවේචනය කළා.
ඔහු පෙන්වා දුන්නේ, රාජ්‍ය සේවකයින්ගේ බත් පරිභෝජනය අඩු කළ යුතු බවට අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා කළ ප්‍රකාශය සිහිපත් කරමින්, ජනතාවගේ පෝෂණ අවශ්‍යතා සපුරාලීමට අවශ්‍ය ප්‍රෝටීන් බහුල ආහාර සාධාරණ මිලකට ලබාගැනීමට රජය අවස්ථාව සලසා දී නොමැති බවයි.
සාමාන්‍ය පුද්ගලයෙකුට දිනකට ප්‍රෝටීන් ග්‍රෑම් 60ක් පමණ අවශ්‍ය බව සඳහන් කළ හර්ෂ ද සිල්වා මහතා, ඒ සඳහා කුකුළු මස්, බිත්තර සහ මාළු වැනි ආහාර වැදගත් වන බව පෙන්වා දුන්නා.
එහෙත් කුකුළු මස් සඳහා වැට් බද්ද ඇතුළු විවිධ බදු පනවා තිබීම හේතුවෙන් එය සාධාරණ මිලකට ලබාගැනීමේ අවස්ථාව ජනතාවට සීමා වී ඇති බවයි ඔහු සඳහන් කළේ. එමෙන්ම, සත්ව ආහාර සහ කුකුළු මස් නිෂ්පාදනයට අවශ්‍ය යෙදවුම් සඳහා බදු සහන ලබාදෙන බවට රජය ලබාදුන් පොරොන්දු ද මෙතෙක් නිසි ලෙස ඉටු කර නොමැති බවට ඔහු චෝදනා කළා.
ආනයන බදු ඉහළ දැමීමත්, කුකුළු මස් සඳහා පවතින බදු ඉවත් නොකිරීමත් හේතුවෙන් එම ක්ෂේත්රයට සහ පාරිභෝගිකයින්ට සහනයක් ලැබී නොමැති බව ද මන්ත්‍රීවරයා අවධාරණය කළා.
කාවන්තිස්ස හස්තියාගේ සිද්ධියට අදාළ යෝජනාවට මොකක්ද සිදු වුණේ? - සජිත්ගෙන් පාර්ලිමේන්තු වරප්‍රසාද කඩවීමක් ගැන පරීක්ෂණයක් ඉල්ලයි
මෙවර අයවැයෙන් හාල්මැස්සන් සඳහා බදු අඩු කිරීම සම්බන්ධයෙන් ද අදහස් දැක්වූ ඔහු, කුකුළු මස් වෙනුවට හාල්මැස්සන් පරිභෝජනය කිරීමෙන් අවශ්‍ය ප්‍රෝටීන් ප්‍රමාණය ලබාගැනීමේදී ඇතිවන ප්‍රායෝගික සහ මිල සම්බන්ධ ගැටලු පෙන්වා දුන්නා
ඔහු ඉදිරිපත් කළ ගණනය කිරීම් අනුව, ප්‍රෝටීන් අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා කුකුළු මස් සහ හාල්මැස්සන් පරිභෝජනය කිරීමේදී වැයවන මුදලේ මෙන්ම අවශ්‍ය ප්‍රමාණයේ ද වෙනසක් පවතිනවා.
හාල්මැස්සන් විශාල ප්‍රමාණයක් පරිභෝජනය කිරීමේදී ලුණු අධික ලෙස ශරීරගත වීමෙන් සෞඛ්‍ය ගැටලු ඇතිවීමේ අවදානමක් පවතින බව ද ඔහු පෙන්වා දුන්නා. කුකුළු මස් සඳහා පනවා ඇති බදු අඩු කළේ නම් ජනතාවට වඩාත් සාධාරණ මිලකට ප්‍රෝටීන් ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇති බවයි හර්ෂ ද සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේ.
ආණ්ඩුවේ පොරොන්දු විශ්වාස කර ඡන්දය ලබාදුන් රාජ්‍ය සේවකයින් ඇතුළු ජනතාව හුදෙක් ආහාර පරිභෝජනය පිළිබඳ කරුණු මත නොව, රජය කෙරෙහි තැබූ විශ්වාසය මත එම තීරණය ගත් බව ද ඔහු සිය කතාවේදී අවධාරණය කළා.