සිඳීගිය වැවකින් මතු වූ දේ..
Anuradhapura
Sri Lanka
Sri Lanka Police Investigation
By Sewvandhi
අනුරාධපුර දිස්ත්‍රික්කයේ, තලාව පොලිස් වසමේ කුමාරඑළිය ගම්මානයෙහි වැවෙහි ජලය සිදී ගිය ප්‍රදේශයේ තිබී විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සොයා ගත් බව තලාව පොලීසිය පවසනවා.
තලාව, මුදුනේගම විද්‍යාලයට යාබදව පිහිටි කුමාරඑළිය ගම්මානයෙහි වැව හරහා නිවසට යමින් සිටි කුඩා දරුවකු විසින් දැක ඇති අතර විශ්‍රාමික යුධ හමුදා සෙබලකු වන තම පියාට ඒ පිළිබඳ පවසා ඇති අතර පසුව ඔහු තලාව පොලිස් ස්ථානයට දන්වා තිබෙනවා.
