අනුර කුමාර එළැඹෙන ජනාධිපතිවරණයට..හදිසියේම රටෙන් පිටව යයි..

National Peoples Party Anura Kumara Dissanayaka Sri Lanka India Latest Headlines
By Sewvandhi Feb 05, 2024 01:53 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ඉන්දීය රජයේ ආරාධනයකට අනුව ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු සිව්දෙනෙකු ඉන්දීය සංචාරයක් සඳහා පිටත්ව ගොස් තිබේ. 

අද (05) අලුයම පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සහ තවත් දෙදෙනෙකු ද නවදිල්ලි නුවර බලා පිටත් වු බව වාර්තාවනවා.

ජාතික ජන බලවේගය පක්ෂය මුලික වශයෙන් ජනතා විමුක්ති පෙරමුණ මත ගොඩ නැගී ඇති අතර එම පක්ෂය මීට පෙර ඉන්දීය විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කර තිබුණි.

එනම්,ජනතා විමුක්ති පෙරමුණ ඉන්දු - ලංකා සාම ගිවිසුම අවස්ථාවේ ඊට එරෙහිව ප්‍රසිද්ධියේ කටයුතු කළ අතර ඉන්දීය ව්‍යාප්තවාදයට එරෙහි මතවාදයක් ඔවුන් විසින් මෙහෙයවන ලැබීය.

ඉන්දියාවේ මැදිහත්වීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එක්වුණු 13 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් මෙරටට පළාත් සභා ක්‍රමය හඳුන්වා දීමට ද ජනතා විමුක්ති පෙරමුණ විරෝධය පළ කර තිබුණි.

සිය පක්ෂයට සාමාජිකයින් බඳවා ගැනීමේ දී සිදුකරන පන්ති පහ පැවැත්වීමේ දී ද ඉන්දීය ව්‍යාප්තවාදය සම්බන්ධයෙන් ඉගැන්වීමක් සිදුකළ බව වාර්තා වේ.

කෙසේවුවද ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මීට පෙර ප්‍රකාශ කර තිබුණේ ඉන්දියාව සමග හොඳ දැක්මක් සහිතව ගනුදෙනු කිරීමට ජාතික ජන බලවේගය සුදානම් බවය.

අනුර කුමාර දිසානායක මහතා එළඹෙන ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීමට තීරණය කර තිබේ.

Sri Lanka Parliamentary Election 2024

  • NPP 6863186 | 159 Seats
    Jathika Jana Balawegaya
    61.56%
  • SJB 1968716 | 40 Seats
    Samagi Jana Balawegaya
    17.66%
  • NDF 500835 | 5 Seats
    New Democratic Front
    4.49%
  • SLPP 350429 | 3 Seats
    Sri Lanka Podujana Peramuna
    3.14%
  • OTHERS 1464840 | 0 Seats
    All Other Parties
    13.14%
ReeCha