රණවිරු සැමරුම ගැන ජනපතිගේ තීරණය

Anura Kumara Dissanayaka President of Sri lanka Sri Lanka Government Sinhala news
By Hashan May 18, 2025 09:30 AM GMT
Hashan

Hashan

Report

හෙට දිනයේ දී පැවැත්වීමට නියමිත "ජාතික විජයග්‍රාහී සැමරුම් උත්සවය" සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී වන බව රණවිරු සේවා අධිකාරිය පවසා සිටිනවා.   

යුධ ජයග්‍රහණයට වසර 16ක් සපිරීම නිමිත්තෙන් හෙට දින මෙම උත්සවය පැවැත්වීමට නියමිතය. 

රණවිරු සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික බ්‍රිගේඩියර් සෙනරත් කොහොන මහතා සඳහන් කර සිටියේ සේනාධිනායකවරයා ලෙස ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එම උත්සවය පැවැත්වීමට නියමිත බවය.

හෙට පැවැත්වෙන රණවිරු සැමරුමේ පෙර සූදානම් කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් නිරීක්ෂණයට පැමිණි අවස්ථාවේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රණවිරූ සැමරුම් ස්මාරකය  අභියසදි ඔහු මේ බව කියා සිටියේය.

කෙසේ වෙතත් 16 දින ආරක්ෂක අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවේදී පැවසුවේ මෙම උත්සවය සඳහා ජනාධිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය ආරක්ෂක ඇමති අරුණ ජයසේකර මහතා සහභාගි වන බවත් ඔහුගේ ප්‍රධානත්වයෙන් එම උත්සවය පවත්වන බවත්ය.  

වැස්ස නිසා දියවෙන ලුණු

වැස්ස නිසා දියවෙන ලුණු

කෙසේ වෙතත් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි රණවිරු ස්මාරකය අභියස දී පස්වරු 4 සිට 6 දක්වා "ජාතික විජයග්‍රාහී සැමරුම් උත්සවය" ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් හෙට (19) පැවැත්වීමට නියමිත බවයි වාර්තා වී ඇත්තේ.

ReeCha