වැස්ස නිසා දියවෙන ලුණු

Economy of Sri Lanka Weather Sinhala news
By Hashini May 18, 2025 09:06 AM GMT
Hashini

Hashini

Report

පුත්තලම ලුණු වගාකරුවන් පවසන්නේ නෙලීමට තිබු මෙට්‍රික් ටොන් පහළොස්දහසකට අධික අස්වැන්න හදිසියේ ඇද හැලුණු මහ වැසි සමඟ දියවී ගිය බවයි.

රටපුරා පවතින ලුණු හිඟයට ප්‍රධාන හේතුව වන්නේද ලුණු නිෂ්පාදනයට අවශ්‍ය නිසි අව් රශ්මිය අහිමි වී වැස්ස නිරන්තයෙන් පැවතීම බවද ඔවුහු පෙන්වා දෙති.

පුද්ගලික හා රජයේ ලුණු ලේවායන් වල අදාළ අංශ පවසන්නේ ශ්‍රී ලංකාවේ සමස්ථ ලුණු නිෂ්පාදනයෙන් පුත්තලම 60%කට ආසන්න දායකත්වයක් ඇති අතර නිසි අව් රශ්මිය පවතී සමයන්වල දී මෙට්‍රික් ටොන් ලක්‍ෂයකට අධික අස්වැන්නක් ලබා දීමට කටයුතු කර ඇති බවයි.

පවතින වර්ෂා තත්ත්වය ලුණු වගාකරුවන්ට බරපතල ආර්ථික ගැටළු මතු කර තිබෙනවා.

ලුණු ලේවායන්වල රුපියල 1500ක මිලකට නියම වී තිබු ලුණු කිලෝ 50ක බෑගයක් මේ වන විට රුපියල් 7000කට ආසන්න මිලකට ඉහල ගොස් තිබෙන අතර සිල්ලර මිලද ඉතා ඉහල මට්ටමක පවතිනවා. 

තත්ත්වය භයානකයි..ඩෙංගු රෝගීන්ගේ වැඩි වීමක්..

තත්ත්වය භයානකයි..ඩෙංගු රෝගීන්ගේ වැඩි වීමක්..

ReeCha