අනුර අපේක්ශකත්වයෙන් ඉවත් වෙයිද.? අනුරගෙන් කොන්දේසියක්.. (VIDEO)
අපේක්ෂකත්වයෙන් ඉවත්වෙන්න අනුරගෙන් කොන්දේසියක් ජනාධිපති අපේක්ෂකත්වයෙන් අවසාන මොහොතේ ඉවත්වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන පුවත් සම්බන්ධයෙන් අද ජාතික ජන බලවේගයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර මහතා අදහස් දැක්වීය.
එහිදී එතුමා වැඩිදුරටත් පවසා සිටියේ, අනාගත බල ව්‍යාපෘතිවලට සම්බන්ධ නොවන දෙන්නෙක් ජනාධිපති ධුරයට හා අග්‍රාමාත්‍ය ධුරයට තේරී පත්වන්නේ නම් සෑදෙන සර්ව පාක්ෂික ආණ්ඩුවේ බලතල භාරගැනීමට පවා සුදානම් බවය.
"ජනාධිපති ධූරයට සහ අග්‍රාමාත්‍ය ධූරයට අනාගත බල ව්‍යාපෘතියක් නොවන දෙන්නෙක් තෝරා ගන්නේ නම් එළැඹෙන සර්ව පාක්ෂික ආණ්ඩුවට අපි සහාය දෙනවා පමණක් නෙමෙයි, හැදෙන සර්ව පාක්ෂික ආණ්ඩුවේ වගකීම් භාරගන්නත් අපි ලෑස්තියි.
එහෙම නම් අපි අපේක්ෂකත්වය අයින් කරගන්නත් ලෑස්තියි. ඒක බදාදා වෙන තෙක් වලංගුයි. විවෘතයි. හැබැයි ඒ යෝජනාව ක්‍රියාත්මක නොවන්නේ නම් මම තරඟ වදිනවා. ඒක ආපහු අස්කර ගන්නේ නෑ."