අනුර හොඳටම කරලා....පනතත් උල්ලංඝනය කරලා

Report

ජනාධිපති අනුර කුමාර දිසානායක සිදු කරන ලද ප්‍රකාශයෙන් පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ආඥා පනතේ 82 වගන්තිය ප්‍රකාරව අයුතු බලපෑමක් සිදුවන බව බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසයි.

පළාත් පාලන ආයතන වලට මුදල් ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කරන ලද ප්‍රකාශයෙන් ඡන්ද දායකයාට අනියමින් බලපෑමක් එල්ල වන බවද ඒ මහතා පෙන්වාදෙයි.

ශ්‍රී ලංකාවේ පවුලකට දින 30ක් ජීවත් වෙන්න ලක්ෂයක මුදලක්

ශ්‍රී ලංකාවේ පවුලකට දින 30ක් ජීවත් වෙන්න ලක්ෂයක මුදලක්

රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට සපථ කළ ඒ පිළිබඳව නායකත්වය ගත් හා මැතිවරණ සංස්කෘතිය යහපත් දිශානතියක් කරා යොමු කිරීමට ආදර්ශ සැපයූ දේශපාලන පක්ෂ නායකයෙකුගෙන් සමාජය මෙවැනි ප්‍රකාශ අපේක්ෂා නොකරන බවත් ජනාධිපතිවරයා ඉදිරියේදී මෙවැනි ප්‍රකාශ සිදු නොකරන බවට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කර සිටියි.

පුංචි ඡන්දයේ මැතිවරණ පැමිණිලි ඉහළට

පුංචි ඡන්දයේ මැතිවරණ පැමිණිලි ඉහළට

ජාතික ජන බලවේගයට බලය හිමිවන පළාත් පාලන ආයතන වලට අත දිගහැර මුදල් ලබා දෙන බවත් අනෙක් පළාත් පාලන ආයතන වලට මුදල් ලබාදීමේදී දස වරක් සිතන බවටත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කන්තලේ, මන්නාරම සහ තවත් ප්‍රදේශ කීපයක ජන හමු අමතමින් ප්‍රකාශ කර තිබු අතර ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් ලෙස දැඩි අවධානය යොමුවී ඇති බවද ඔහු පවසයි.