සිව්වන වරටත් බ්රසීලයේ ජනාධිපතිවරයාවු ලූලාගේ ජයග්රහණයට ජනපති අනුරගෙන් සුබපැතුම්
බ්රසීලයේ ජනාධිපතිවරයා ලෙස සිව්වන වරටත් පත්වූ ලූලා ද සිල්වා මහතාගේ මැතිවරණ ජයග්රහණය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබපැතුම් එක්කර තිබේ.
සිය X ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා මෙම සුබපැතුම් පණිවුඩය නිකුත් කර ඇති බව වාර්තා වේ. එහිදී බ්රසීලයේ ජනතාව දූෂණයට, සමාජ බෙදීම්වලට සහ දේශපාලන මුසාවාදවලට එරෙහිව ජයග්රහණය කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කර තිබේ.
ලූලා ද සිල්වා මහතාගේ මෙම ඓතිහාසික ජයග්රහණයෙන් පෙන්නුම් කරන්නේ අසාර්ථක දේශපාලන පරම්පරාවන්ට සහ යුක්තියට වඩා බලය උසස් යැයි සිතන අතීතයේ බලවේගවලට ජනතාව රැවටිය නොහැකි බව යැයි ද ජනාධිපතිවරයා සිය පණිවුඩයේ සඳහන් කර ඇත.
එමෙන්ම, නැවත වරක් ප්රගතියේ ගමනට නායකත්වය ලබාදීම වෙනුවෙන් ලූලා ද සිල්වා මහතාට උණුසුම් සුබපැතුම් එක්කරන බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් ප්රකාශ කර තිබේ.
Today, the people of Brazil did not just win an election; they defeated the forces of corruption, division and political lies. Comrade @LulaOficial’s historic victory in Brazil shows that the people cannot be fooled by bankrupt political dynasties and the ghosts of the past who believe might is greater than right. Many congratulations, companheiro, for leading the march of progress yet again!
— Anura Kumara Dissanayake (@anuradisanayake) October 26, 2026
[