සැප්තැම්බර් වෙද්දි ත්‍රස්ත විරෝධී පනත අවසන් - ඇමති විජිත
සැප්තැම්බර් මඩ් අග වන විට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කරන බව විදේශ අමාත්‍ය විජිත හේරත් පවසනවා.
ත්‍රස්තවාද වැළැක්වීමේ පනත අහෝසි කළ ද සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම නතර කිරීම සඳහා ශක්තිමත් නව පනතක් ඉදිරියේ දී ගෙන ඒමට බලාපොරොත්තුවන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.
දැනට පවතින නීතිවල අඩුපාඩුකම් හේතුවෙන් ඇතැම් අපරාධකරුවන් රඳවා තබා ගැනීමට ත්‍රස්තවාද වැළැක්වීමේ පනත පාවිච්චි කිරීමට සිදුව ඇති බවත් ඔහු පාර්ලිමේන්තුවේ දී කියා සිටියා.
ඔහු මේ පිළිබඳ සඳහන් කර සිටියේ අද (22) පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරය අතරතුරේදීයි.