මොනවා පුංචි ඡන්දය ලග ලගම ..මෙන්න පවත්වන දිනය ගැන ඉඟියක්...

Report

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අප්‍රේල් මස දෙවන සතියේ හෝ හතරවන සතියේ පැවැත්වීමට මැතිවරණ කොමිසම විසින් කටයුතු කරනු ඇති බවට තමා විශ්වාස කරන බව බිමල් රත්නායක අමාත්‍යවරයා පවසයි.

2025 වසරට අදාළ නව පාසල් වාරය අදින් ඇරඹේ...

2025 වසරට අදාළ නව පාසල් වාරය අදින් ඇරඹේ...

යාපනය ප්‍රාදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

සියලු පක්ෂ එක්ව පළාත් පාලන ආයතන ඡන්දය පැවැත්වීම සඳහා වු පනත් කෙටුම්පත සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවද අමාත්‍යවරයා එහිදී පැවසීය. 

මේක නම් කොහොමත් වෙන්න බෑ කියලද හිතුනේ..එහෙනම් අදම දාන්න ..

මේක නම් කොහොමත් වෙන්න බෑ කියලද හිතුනේ..එහෙනම් අදම දාන්න ..

"සියලුම පක්ෂවල නායකයින්ගේ එකඟතාවයෙන් ආණ්ඩුව පැත්තෙන් පළාත් පාලන ඡන්දය නැවත පැවැත්වීමට අදාළ වන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා.

දැනට අධිකරණය තුල එයට පෙත්සම් ප්‍රමාණයක් ඉදිරිපත් කරලා තියෙනවා යම්කිසි පාර්ශවයන් කිහිපයක්. නමුත් අපි විශ්වාස කරනවා මැතිවරණ පැවැත්වීමට එකෙන් විශේෂ බාධාවක් වෙන එකක් නෑ කියලා.

නඩු තීන්දුව උසාවිය තීන්දු කරන වෙලාවක ලබා දෙන්න. නමුත් එයට සීමිත දින ගණනක් තමා උසාවියට තිබෙන්නේ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා අප්‍රේල් මාසයේ දෙවන සතිය තුළ හෝ හතරවන සතියේ හෝ මැතිවරණ කොමිසම මගින් මැතිවරණය පවත්වයි කියලා.

මොකද අපි ඡන්ද කල් දාන්නේ නැතිව උතුරු පළාතේ සහ ලංකාවෙම මේ ප්‍රාදේශිය සභා ඡන්ද පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා."

You may like this video