පොලිසිය ආරම්භ කළ තවත් මෙහෙයුමක්.

Sri Lanka Police
By Gagana Apr 07, 2024 11:46 AM GMT
Gagana

Gagana

Report

වර්තමාන සමාජය තුළ ජංගම දුරකථන ඔස්සේ මුදල් ගෙවීමට යොදා ගන්නා ක්‍රමවේදයන් වන eZ Cash සහ M Cash භාවිතා කරමින් මත් ද්‍රව්‍ය සදහා මුදල් ගෙවන පුද්ගලයින් අත් අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් ඊයේ (06) සිට එළඹෙන 10 වනදා දක්වා ක්‍රියාත්මක කර ඇති බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත දියත් කර ඇත.

ඒ අනුව ඊයේ (06) දින තුල පමණක් නීති විරෝධී මත ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 108 දෙනෙකුගෙන් පිළිබද තොරතුරු ලබා ගෙන ඇත.

මොවුන් සම්බන්ධයෙන් සිදුකරන ලද වැඩිදුර විමර්ශනවලදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 18 දෙනෙකු සම්බන්ධයෙන් බැංකු ගිණුම් වාර්තා ඔස්සේද, තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 71 දෙනෙකු සම්බන්ධයෙන් දුරකථන කුලුනු විශ්ලේෂණ වාර්තා ඔස්සේද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලීස් මුලස්ථානය පවසයි.

ReeCha