තවත් ප්‍රාණ ඇපකරුවෙක් බේරා ගනී.

Benjamin Netanyahu Israel Palestine World Israel-Hamas War
By Hashini Oct 31, 2023 07:53 AM GMT
Hashini

Hashini

Report

 හමාස් සංවිධානය විසින් පැහැරගෙන ගොස් රඳවා ගෙන සිටි හමුදා සෙබළියක් ව බේරාගත් බව ඊශ්‍රායල හමුදාව පවසනවා.

එම හමුදා සෙබළිය ව බේරාගෙන තිබුණේ ඊයේ (30) ගාසා තීරයේ සිදුකළ මෙහෙයුමක් අතරතුරදීය.

ඔරි මෙගිදිෂ් නම් එම සෙබළිය ව පසුගිය ඔක්තෝබර් 07 වනදා හමාස් සටන්කරුවන් විසින් පැහැරගෙන ගොස් තිබෙනවා.

එසේම හමාස් සංවිධානය භාරයේ තවත් ඊශ්‍රායල සහ විදෙස් ජාතිකයින් 230ක් පමණ සිටින බව ද සඳහන්.

භූමි ප්‍රහාර මඟින් ඉතිරි ප්‍රාණ ඇපකරුවන් බේරාගැනීමට අපේක්ෂා කරන බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසනවා.

ReeCha