හෙදියකට එරෙහිව තවත් පිරිසක් පාරට

Report

විශේෂඥ ශ්‍රේණියේ හෙද නිලධාරනියකගේ අත්තනෝමතික ක්‍රියා නිසා පේරාදෙණිය මහ රෝහලේ තිබෙන එකම ප්ලාස්ටික් ශල්‍යකර්ම ඒකකය ද වැසියාමේ අවදානමක් මතුව ඇති බව කියමින් හෙද හෙදියෝ විරෝධතාවක නිතර වූ බවට වාර්තා වෙයි.

මෙම විරෝධතාවෙන් ඔවුන් ඉල්ලා සිටියේ හෙද නිලධාරිනියගේ කෲර ක්‍රියාවන් වළක්වන ලෙසටයි.

රට ගිහින් ආපු ඇයට මොකද වුණේ...සොයන්න පොලිස් විමර්ශන

රට ගිහින් ආපු ඇයට මොකද වුණේ...සොයන්න පොලිස් විමර්ශන

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සභාපති අරුණ ශාන්ත මහතා ද විරෝධතාවයට එක් වෙමින් කියා සිටියේ අඳාළ හෙද නිලධාරිනිය විසින් දීර්ඝ කාලයත් තිස්සේ සිදු කරන දැඩි පීඩාවන් හේතුවෙන් එම රෝහලේ 700කට අධික හෙද පිරිසක් දැඩි අසහනකාරී තත්ත්වයට පත්ව ඇති බවයි.

එසේම ශාන්ත මහතා වැඩිදුරටත් පැවසුවේ පේරාදෙණිය රෝහලේ ඇතිව තිබෙන මෙම තත්ත්වය නිසා රාජ්‍යය ත්‍රස්තවාදයක් මතුව ඇති බවයි.

තවද මෙම ප්‍රධාන හෙද නිලධාරිනියගේ කෲර පාලනය හා මිලේච්ඡත්වය නිසා සියලු දෙනා වසර ගණනාවක් සිට දැඩි පීඩාවට පත්ව ඇති බව ද ප්‍රකාශ කළා.

එමෙන්ම දැනටමත් රෝහල් අධ්‍යක්ෂවරයාට හා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත මෙම තත්ත්වය පැමිණිලි කර ඇත.

මෙගා සුනාමියක් ගැන අනතුරු ඇඟවීමක්

මෙගා සුනාමියක් ගැන අනතුරු ඇඟවීමක්

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සේනක නවනැළිය මහතාගෙන් කළ විමසීමේදී මෙම ගැටලුව පිළිබඳව රෝහල වෙත ලැබී ඇති පැමිණිලි අනුව එය සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත දන්වා ඇති බවට ඔහු විසින් සඳහන් කළා.

ඒ අනුව නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පැවසුවේ නුදුරේම සෞඛ්‍ය අමාත්‍යංශයෙන් මේ පිළිබඳ පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත බවයි.