ගෑස් කාන්දුවක් නිසා ගෑස් සිලින්ඩරය නිවසින් එළියට (PHOTOS)
ගෘහස්ථ ගැස් සිලින්ඩරයක ගෑස් කාන්දුවක් වීම හේතුවෙන් නිවාස හිමියා ගෑස් සිලින්ඩරය නිවසින් බැහැර කර තිබෙනවා. හැටන් ප්‍රදේශයේ ගෘහස්ථ ගෑස් පාරිභෝගිකයෙකු විසින් හැටන් නගරයේ ගෑස් අලෙවි නියොජිතයාගෙන් පසුගිය 28 දින මිල දි ගන්නා ලද ගෑස් සිලින්ඩරයේ ගෑස් කාන්දුවක් ඇති බව එම පාරිභෝගිකයා විසින් හැටන් පොලිසියට දැනුම් දී තිබෙනවා.
මිල දි ගන්නා ලද ගෑස් සිලින්ඩරයේ මුද්‍රාව ඉවත් කර ගෑස් සිලින්ඩරය ගෑස් ලිපට සම්බන්ධ කිරිමට ප්‍රථම සබන් පෙණ යොදා පරික්ෂා කිරිමේදි මිල දි ගන්නා ලද කිලෝ 12.5 ගෑස් සිලින්ඩරයේ ගෑස් කාන්දුවක් ඇති බවට තහවුරු කරගෙන තිබෙනවා.
ඒ සමඟ එම පාරිභෝගිකයා ගැස් සිලින්ඩරය නිවසින් බැහැර කිරිමට පියවර ගෙන තිබුණා.
එසේ ගෑස් කාන්දුවන සිලින්ඩර ආපසු ගෑස් ගැනිමට තමන්ට ගෑස් සමාගමෙන් කිසිදු උපදෙසක් මේ වන තෙක් ලැබි නොමැති බව හැටන් ප්‍රදේශයේ ගෑස් අලෙවි නියෝජිතයා පවසා තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |



