කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූවන්ට තවත් භයානක රෝගයක්
කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයන්ගේ රුධිර සීනි මට්ටම ඉහළ යාමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව ඉන්දීය වෛද්‍ය විශේෂඥයින් පවසනවා. විශේෂයෙන් කොරෝනා ප්‍රතිකාර සඳහා උත්තේජක භාවිත කරන පුද්ගලයින් අතර, මෙම තත්ත්වය දක්නට ලැබෙන බව සඳහන්.
මේ නිසා කලින් දියවැඩියා රෝගය නොතිබූ පුද්ගලයින්ට පවා අලුතින් දියවැඩියාව ඇතිවීමේ තත්ත්වයක් දැකිය හැකියි. ලෝකයේ දියවැඩියා රෝගීන්ගෙන් 6 න් එකක්, එනම් මිලියන 77 ක් දියවැඩියා රෝගීන් ඉන්දියාවෙන් වාර්තා වනවා.
චීනයේ එම සංඛ්‍යාව මිලියන 116 ක්. මිලියන 32 ඉක්මවූ ඉන්දියාවේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව ලොව දෙවන විශාලතම ආසාදිත සංඛ්‍යාවයි. කලින් දියවැඩියා රෝගීන් නොවන කොරෝනා රෝගීන්ගෙන් සියයට 8 ත් 10 ත් අතර ප්‍රමාණයක රුධිර සීනි මට්ටම ඉහළ යාමක් දැකිය හැකියි.
ඒ අනුව කොරෝනා වසංගතය අවසන් වීමෙන් පසු ඉන්දියාව තුල දියවැඩියා සුනාමියක් අපේක්ෂා කළ හැකි බවයි මුම්බායිහි දියවැඩියා රෝග විශේෂඥ රාහුල් බක්ෂි සඳහන් කළේ.
මේ අතර, ඉහළ සම්ප්‍රේෂණයක් සහිත “එප්සිලන්” නම් කොවිඩ් ප්‍රභේදය පාකිස්ථානයෙන් වාර්තා වී තිබෙනවා. පාකිස්ථානයේ ලාහෝර් නුවර හමුවූ කොවිඩ් ආසාදිතයින් අතුරින් මෙම ප්‍රභේදය හඳුනා ගැනීමට හැකිවී ඇති බවයි එරට සෞඛ්‍ය බලධාරීන් මිට දින කිහිපයකට පෙර සිදුකළ පරීක්ෂණයකින් හෙළිවී ඇත්තේ.
මිට පෙර හඳුනා ගැනුණු කොවිඩ් ප්‍රභේද කොවිඩ් මර්ධන එන්නත්වලට මර්ධනය කිරීමට හැකියාවක් තිබුනද, මෙම ප්‍රභේදය එන්නත් වලට මෙල්ල කිරීමට හැකියාවක් නොමැති බව මේ දක්වා විශේෂඥයින් විසින් සිදුකර ඇති පර්යේෂණ මඟින් තහවුරු වී තිබෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා. මෙම වෛරසය පළමුවරට අමෙරිකාවෙන් හඳුනා ගැනුණා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |