බන්ධනාගාරයෙන් තවත් කොරෝනා පොකුරක්...ඒ අතර සිරකාරියන් 34ක්.

Covid-19 Police Galle
By Thaya Jan 07, 2021 10:10 PM GMT
Thaya

Thaya

Report

ගාල්ල බන්ධනාගාරයේ සිරකාරියන් 34 දෙනෙකුට හා බන්ධනාගාර නියාමකවරියන් 03 කට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අද (06) දින තහවුරුවී ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි මහතා පවසනවා.

ඊයේ (05) දින ගාල්ල බන්ධනාගාරයේ කාන්තා සිරකාරියන් 39 දෙනෙකු, පිරිමි සිරකරුවන් 06 දෙනෙකු බන්ධනාගාර නියාමකයින් 07 දෙනෙකු හා බන්ධනාගාර කාන්තා නියාමකවරියන් 17 දෙනෙකු පී.සී.ආර්. පරික්ෂණවලට ලක්කරණු ලැබූහ. පී.සී.ආර්. පරික්ෂණවලට ලක්කළ 69 දෙනාගෙන් 37 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇති බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි.

බන්ධනාගාර වාට්ටුවේ සිටි කාන්තා සිරකාරියින් 39 දෙනාගෙන් 34 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත. බන්ධනාගාර කාන්තා නියාමකවරියන් 17 දෙනාගෙන් 03 නෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවද ප්‍රදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි.

කාන්තා සිරකාරියන් ගල්ලැල්ල කොරෝනා වෛද්‍ය ප්‍රථිකාර මධ්‍යස්ථානයට හා බන්ධනාගාර කාන්තා නියාමකවරියන් තිදෙනා කරන්දෙණිය ප්‍රථිකාර මධ්‍යස්ථානය වෙත යොමු කිරිමට කටයුතු කර ඇති බවද හෙතෙම පවසයි. කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බන්ධනාගාර කාන්තා නියාමකවරියන්ගේ පවුල් වල අය පී.සී.ආර්. පරික්ෂණවලට ලක්කොට නිරෝධායනයට ලක්කිරිමට කටයුතු කරණ බවද ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි.

ගාල්ල බන්ධනාගාරයේ කාන්තා වාට්ටුවේ සිටි ගැබනි මවකට ඊයේ (05) දින කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවීමෙන් මෙම පී.සී.ආර්. පරික්ෂණ සිදුකරණු ලැබීය