තවත් දැරියක් පැහැර ගැනීමට තැත් කරයි - පොලිසිය වහා ක්‍රියාත්මක වෙයි..
වයස අවුරුදු 16ක දැරියක් බලෙන් රැගෙන යෑමට උත්සාහ කළ පුවතක් මැදවච්චිය ප්‍රදේශයෙන් වාර්තා වේ.
ඒ මැදවච්චිය නගරය ආසන්නයේ දී ය.
අදාළ දැරියගේ මව විසින් මැදවච්චිය පොලීසියට අදාළ සිදුවීම සම්බන්ධයෙන් පැමිණිලි කර ඇති බව පොලිසිය පැවසීය.
එම සිදුවීමට අදාළ ස්ථානයේ ඇති CCTV දර්ශන සම්බන්ධව විමර්ශන සිදුකිරීමේ දී එම කාලය තුළ එවැනි සිදුවීමක් වාර්තා නොමැති බව පොලීසිය පවසයි.
කෙසේවෙතත් මේ සම්බන්ධව මාර්ගයේ අනෙකුත් CCTV දර්ශන පරීක්ෂා කර වැඩිදුර විමර්ශන මැදවච්චිය පොලීසිය විසින් සිදුකරයි.
මේ අතර, මුලතිව් - පුදුකුඩිඉරිප්පු - කයිවෙලි ප්‍රදේශයේ දස හැවිරිදි පාසල් දැරියක් පැහැර ගැනීමට තැත් කළ පෙරේදා (14) වාර්තා වුනා.
එහිදී කණ්ඩායමක එක් පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කළේ ය.
එම දැරිය සිය මව සමග උපකාරක පන්තියකට පැමිණ ඇති අවස්ථාවේ දී පිරිසක් විසින් පැමිණ ඇයගේ මුහුණට යම් දියරයක් ඉස තිබෙනවා.
එමගින් දැරිය සිහිසුන්ව ඇද වැටී ඇති අතර එය දුටු ප්‍රදේශවාසීන් විසින් අදාළ පිරිසෙන් එක් සැකකරුවෙකු අල්ලාගෙන තිබෙනවා.
ප්‍රදේශවාසීන් විසින් සැකකරුව පොලීසියට භාර දුන් අතර අත්අඩංගුවට ගත් සැකකරු 23 හැවිරිදි මුලතිව් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |