උපකාරක පන්ති ගුරුවරයෙක් දැරියන් හය දෙනෙකුට කළ අහස පොළොව නුහුලන අපරාධය - ඔබේ දරුවාත් ආරක්ෂිත ද?..
Sri Lanka Police
Sri Lanka
Sexual harassment
By krishani
පාසල් දැරියන් අපයෝජනය කිරීමේ චෝදනාව මත තවත් උපකාරක පන්ති ගුරුවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු මේ මස 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති අතර ඒ පොළොන්නරු ප්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයෙකු ය.
ඉකුත් ජනවාරි මාසයේ සිට අවස්ථා ගණනාවක දී අදාළ උපකාරක පන්ති ගුරුවරයා විසින් පාසල් දැරියන් අපයෝජනයට ලක් කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් දැරියන් 6 දෙනෙකුගේ දෙමාපියන් විසින් පොළොන්නරුව පොලිසියට පැමිණිලි කර තිබෙනවා.
ඒ අනුව 41 හැවිරිදි උපකාර පන්ති ගුරුවරයා අත්අඩංගුවට ගෙන පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |