වැලිගම සභාපති ඝාතනයට සැකපිට තවත් අයෙක් අත්අඩංගුවට

Report

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාගේ (මිදිගම ලසා ලෙසද හඳුන්වනු ලබන) ඝාතනයට ආධාර අනුබල සපයූ බවට චෝදනා එල්ල වී ඇති තවත් සැකකරුවෙකු වැලිගම පොලිසිය විසින් ගාල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ප්‍රකාශකයෙකු තහවුරු කළේය.

මෙම සැකකරුවාගේ අත්අඩංගුව අද (26) දින සිදුවූ අතර, ඔහු ඝාතනයේදී තුවක්කරුවාට තොරතුරු සැපයීමේදී සහ පූර්ව සැලසුම්වලදී සම්බන්ධ වූ බවට සැක කෙරේ.

මෙයාව දැක්කොත් වහාම කියන්න - ලසන්ත ඝාතක සැකකරු සොයයි

මෙයාව දැක්කොත් වහාම කියන්න - ලසන්ත ඝාතක සැකකරු සොයයි

ඒ අනුව ලසන්ත වික්‍රමසේකර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ කැකිරාව ප්‍රදේශයේදී තිදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය. ඔවුන් අතර කාන්තාවක්ද සිටී. සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

ඝාතනයට ලක්වූ සභාපති ලසන්තගේ මරණයට තුනක් අත්අඩංගුවට

ඝාතනයට ලක්වූ සභාපති ලසන්තගේ මරණයට තුනක් අත්අඩංගුවට