තවත් සභාපතිවරුන් දෙදෙනෙකු ධුරයෙන් ඉවත්කෙරේ..

UNP Kandy hakuranketha subadh yatavara Ranasinghe disanayake
By Sewvandhi Jan 05, 2022 01:53 PM GMT
Sewvandhi

Sewvandhi

Report

මහනුවර ගඟවට කෝරළය සහ හඟුරන්කෙත ප්‍රාදේශීය සභා සභාපතිවරුන් එම ධුරයෙන් ඉවත් කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා තීරණය කර ඇත.

මෙම ප්‍රාදේශීය සභා පැවතියේ එක්සත් ජාතික පක්ෂ පාලනය යටතේයි. ඊට අදාළ ගැසට් පත්‍රය මේ වනවිට නිකුත් කර ඇත. ගඟවට කෝරළය ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස කටයුතු කළ සුභාෂ් යටවර සහ හඟුරන්කෙත ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස කටයුතු කළ රණසිංහ දිසානායක යන මහත්වරු මෙලෙස ඉවත් කරනු ලැබ ඇත්තේ පිට පිට දෙවතාවක් අයවැය පරාජයට පත්වීම හේතුවෙනි.

පළාත් පාලන පනතේ 168 (2) යටතේ අයවැය දෙවරක් පරාජය වුවහොත් සභාපතිවරයාට එම ධුරය දැරිය නොහැකි බවත් ඒ අනුව අලුතින් සභාපතිවරයෙකු පත්කර ගන්නා තෙක් සභාපති ධූරයේ වැඩ බැලීමට උප සභාපතිවරයාට බලය ලබාදුන් බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ මහතා පැවසීය.

මේ අනුව ගඟවට කෝරළය ප්රාදේශීය සභාවේ සභාපති ධූරයේ වැඩ බැලීමට රුවන් ප්‍රනාන්දු මහතාද හඟුරන්කෙත ප්රදේශිය සභාවේ සභාපති ධුරයේ වැඩ බැලීමට ලක්ෂ්මන් බාලසූරිය මහතාද පත්ව ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now